Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පස්වැනි වතාවටත් යුද හමුදාව අවසන් සටනට

පස්වැනි වතාවටත් යුද හමුදාව අවසන් සටනට

සංජය එරමුදුගොඩ - 2017 මැයි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පිට පිටම පස්වැනි වසරටත් එෆ්. ඒ. කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාව ඊයේ (13 වැනිදා) සමත් විය.

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් පූර්ව තරගයකදී ගෝල 3-2 ක් ලෙස කොළඹ ක්‍රීඩා සමාජය පරාජය කරමින් යුද හමුදා  ක්‍රීඩකයෝ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ.  

යුද හමුදා කණ්ඩායම වෙනුවෙන් වාර්තා වූ ගෝල 3 ටම හිමිකම් කීමට මොහොමඞ් ඉසඩීන් සමත් වූ අතර 22 වැනි, 25 වැනි සහ 84 වැනි මිනිත්තුවලදී ඔහු එම ගෝල ත්‍රිත්වය ලබාගත්තේය.

ඩී. කේ. ද සිල්වා කොළඹ ක්‍රීඩා සමාජය වෙනුවෙන් වාර්තා වූ ගෝල දෙක ලබාගත්තේ 51 වැනි සහ 71 වැනි මිනිත්තු වලදීය.

මෙම තරගයේදී කොළඹ ක්‍රීඩා සමාජ කණ්ඩායමේ රවුමි මොහිඩීන්, එම්. එන්. ඒ. මොහොමඞ්, එම්. ඉසෙඞ්. ජොහාර් යන ක්‍රීඩකයෝ කහ කාඞ්පත් ලැබූහ.

යුද හමුදාව මේ මස 20 වැනිදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අවසන් මහ තරගයේදී ජාවා ලේන් කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිතය.


- 036

 


අදහස් (0)

පස්වැනි වතාවටත් යුද හමුදාව අවසන් සටනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.