Last Update  :  2024-12-04 11:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පසුපෙළ පිතිකරුවෝ ශ්‍රී ලංකා ‘ඒ’ පිල ගොඩගනිති

පසුපෙළ පිතිකරුවෝ ශ්‍රී ලංකා ‘ඒ’ පිල ගොඩගනිති

editorial - 2024 නොවැ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

පාකිස්තාන ‘ඒ’ කණ්ඩායමට එරෙහිව රාවල්පිණ්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි සිවුදින තරගයේ පළමු දිනය වූ ඊයේ (18 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 293 ක් ලබා සිටියේය. 

ලකුණු 35 කට කඩුලු 5 ක් බිඳවැටී අඩපණ වී තිබූ ශ්‍රී ලංකා ‘ඒ’ ඉනිමට නව ජවයක් එක් කළ සොනාල් දිනූෂ (නොදැවී 81) හයවැනි කඩුල්ල වෙනුවෙන් පවන් රත්නායක (35) සමග එක්ව ලකුණු 59 ක සම්බන්ධතාවක් ගොඩනැගුවේය. ඉතා ඉවසිලිවන්ත පිතිහරඹයක නිරත වූ දිනූෂගේ අර්ධ ශතකය හතරේ පහර 7 කින් සමන්විත විය.
 
ඉන් නොනැවතුණු දිනූෂ, 7 වැනි කඩුල්ල සඳහා දිනුර කළුපහණ (30) සමග එක්ව ලකුණු ලකුණු 56 ක්ද, 8 වැනි කඩුල්ල සඳහා වනුජ සහන් (63) සමග එක්ව ලකුණු 98 ක්ද එක්කරමින් සිය කණ්ඩායම ප්‍රබල තත්වයකට රැගෙන ආවේය. එහිදී වනුජ අර්ධ ශතකය ලබාගත්තේ හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමගිනි. 

දිනයේ අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ ඉසිත විජේසුන්දර පන්දු 26 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 38 ක් රැස්කිරීමට සමත් විය. මුල් පෙළ පිතිකරුවන් තිදෙනෙක්ම ලකුණු නොළබාම දැවී යද්දී, අහන් වික්‍රමසිංහ හතරේ පහර 5 ක් සමග ලකුණු 30 ක් රැස්කළේය. 

කැපී පෙනුණ පන්දු යැවීමක නිරත වූ කුරාම් ශේෂාඩ් ලකුණු 30 කට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ මුල් පිතිකරුවන් 6 දෙනාම දවාගැනීමට සමත් වූ අතර ඔහුගේ පන්දු හමුවේ නිපුන් ධනංජය, පුලිඳු පෙරේරා සහ කමිල් මිෂාර ලකුණු ලබාගැනීමටත් පෙරාතුව පිටියෙන් ඉවත්ව ගියහ. නායක පසිඳු සූරියබණ්ඩාරට ලබාගත හැකි වූයේද ලකුණු 2 ක් පමණි. 


ශ්‍රී ලංකා ‘ඒ’ පිල - පළමු ඉනිම කඩුලු 8 ක් දැවී 293 
(අහන් වික්‍රමසිංහ 30, පවන් රත්නායක 35, සොනාල් දිනූෂ නොදැවී 81, දිනුර කළුපහණ 30, වනුජ සහන් 63, ඉසිත විජේසුන්දර නොදැවී 38, කුරාම් ශේෂාඩ් 30/6, අහමඩ් සාෆී 100/2)


-036 


අදහස් (0)

පසුපෙළ පිතිකරුවෝ ශ්‍රී ලංකා ‘ඒ’ පිල ගොඩගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.