Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ යාපනය කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගය අද (23 වැනිදා) ජය පැරදුමෙන් තොරව නිමාවට පත් විය. පසුපෙළ පිතිකරුවන්ගේ දක්ෂ පිතිහරඹය හේතුවෙන් එහිදී පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට දඹුල්ල කණ්ඩායම සමත් විය.
තෙවැනි දිනය වූ ඊයේ (22 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට කඩුලු 6 ක් දැවී ලකුණු 264 ක් ලබා සිටි දඹුල්ල ක්‍රීඩකයෝ, අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 206 ක් එක්කර ගත්හ. එහිදී විශිෂ්ඨ පිතිහරඹයක නිතර වූ විෂාද් රන්දික, හයේ පහරක් සහ හතරේ පහර 10 ක් සමග ලකුණු 122 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ගැළවුම්කරුවා බවට පත් විය.
චමිඳු විජේසිංහ (72) සමග එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 143 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද රන්දික සමත් වූ අතර චමිඳුගේ අර්ධ ශතකය හතරේ පහර 9 කින් සමන්විත විය. නමවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි ඉනුක කරන්නාගොඩ හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 51 ක් රැස්කරමින් සිය කණ්ඩායමට පළමු ඉනිමේ ජයක් අත්කර දීම සඳහා දායකත්වය ලබා දුන්නේය.
යාපනය පළමු ඉනිම - ඕවර 107 කදී සියලු දෙනා දැවී 418
(රවිඳු රෂාන්ත 120, තනුක දාබරේ 33, ඇන්ජලෝ මැතිව්ස් 64, ජනිත් ලියනගේ නොදැවී 79, නිරෝෂන් දික්වැල්ල 70, දුලාජ් සමුදිත 88/3, අකිල ධනංජය 164/3)
දඹුල්ල පළමු ඉනිම - ඕවර 163 කදී කඩුලු 8 ක් දැවී 470
(නිෂාන් මධුෂංක 24, රොන් චන්ද්‍රගුප්ත 20, දිනුර කළුපහණ 55, සම්මු අෂාන් 71, විෂාද් රන්දික 122, චමිඳු විජේසිංහ 72, ඉනුක කරන්නාගොඩ 51, ඉසිත විජේසුන්දර 57/2, නිමේෂ් විමුක්ති 111/2, ජෙෆ්රි වැන්ඩසේ 121/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.