Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පළමු අදියරේ ශූරතාව වෙස්ටර්න් වොරියර්ස්ට

පළමු අදියරේ ශූරතාව වෙස්ටර්න් වොරියර්ස්ට

ශනුක අරවින්ද - 2014 අගෝ මස 09 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A


‘කාල්ටන් සුපර් සෙවන්ස් 2014’ සත් සාමාජික රග්බි තරගාවලියේ ගාල්ල, කොග්ගල වෙළෙද කළාප ක‍්‍රීඩාංගණයේදී අද අවසන් වූ පළමු අදියර තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට යෝෂිත රාජපක්‍ෂගේ නායකත්වයෙන් යුත් වෙස්ටන් වොරියස් පිල සමත් විය. අනු ශූරතාව ශ‍්‍රීනාත් සූරියබණ්ඩාර මෙහෙයවූ සදර්න් ශාක්ස් පිලට හිමිවිය.

තරගාවලියේ අවසන් දිනය වූ අද (09) පැවැති අවසන් මහ තරගයේදී වෙස්ටන් වෝරියස් පිල සදර්න් ශාක්ස් පිලට එරෙහිව ලකුණු 14-12 තියුණු ජයක් ලැබීය.

ෆිජි ක‍්‍රීඩක ජෝ ඩන් දෙවැනි අර්ධයේ ගෝල කණු අතරදී සම්පූර්ණ කළ උත්සාහක දිනුමත් සමග ලකුණු 14-12 ක් බවට පත්වෙමින් වෙස්ටන් වෝරියස් පිල ජයග‍්‍රාහි ලෙස පෙරමුණට පැමිණියේය.

දිනූෂ චතුරංග සහ ශ‍්‍රීනාත් සූරියබණ්ඩාර මිනිත්තුවක් පමණ කාලයකදී උත්සාහක දිනුම් දෙකක් සම්පූර්ණ කරමින් ලකුණු 12-7 ක් ලෙස සදර්න් ශාක්ස් පිල පෙරමුණේ සිටියදී පළමු අර්ධය අවසන් කිරීමට සමත් වූහ.

අවසන් මහ තරගය ෆීජි ජාතිකයන්ගේ තරගයක් බවට පත්වූ අතර ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායමද නියෝජනය කළ ෆීජි ක‍්‍රීඩක එමෝරි පළමු උත්සාහක දිනුමක් සම්පූර්ණ කරමින් 7-0 ක් ලෙස වෙස්ටර්න් වොරියර්ස් පිල පෙරමුණෙන් තැබීය.
 
සදර්න් ශාක්ස් පිල ලකුණු 28-14 කින් සෙන්ට‍්‍රල් කිංග්ස් පිල පළමු අවසන් පූර්ව තරගයේදීද, වෙස්ටන් වෝරියස් පිල ලකුණු 36-0 කින් ප‍්‍රබල ඌව වයිපර්ස් පිල දෙවැනි අවසන් පූර්ව තරගයේදීද, පරාජය කරමින් අවසන් මහ තරගයට පැමිණියේය.

මෙහිදී වෙස්ටන් වොරියර්ස් ක‍්‍රීඩකයෝ ප‍්‍රබල නවසීලන්ත ක‍්‍රීඩකයන්ගෙන් සමන්විත ඌව වයිපර්ස් පිලට ලකුණු ලබා ගැනීමට අවස්ථාව නොදීම කැපී පෙනුණි. වෙස්ටන් වොරියර්ස් පිල අපරාජිතව අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීය.

සෙන්ට‍්‍රල් කිංග්ස්, සදර්න් ශාක්ස්, ඌව වයිපර්ස් සහ වෙස්ටන් වොරියර්ස් අද පෙරවරුවේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූහ.

වෙස්ටන් වොරියර්ස් පිල සහ ඊස්ටන් ඊගල්ස් පිල අතර පැවැති සිවුවැනි අර්ධ අවසන් පූර්ව තරගය බොහෝ දෙනකුගේ අවධානයට ලක්වූ අතර එහිදී ප‍්‍රබල ෆීජි ක‍්‍රීඩකයන්ගේ දස්කම් නිසා වෙස්ටන් වොරියර්ස් පිල ලකුණු 19-12 ක ජයක් ලැබීය.

ඌව වයිපර්ස් පිල තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයේදී තියුණු තරගයකින් පසුව ලකුණු 19-12 කින් නොදර්න් ග්ලැඩියේටර්ස් පිල පරාජය කිරීමට සමත් විය. තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 12-5 ක් ලෙස ග්ලැඩියේටර්ස් ක‍්‍රීඩකයෝ පෙරමුණ ගත්හ.

දෙවැනි අර්ධයේදී නවසීලන්ත සත් සාමාජික පිලේ නායකයා වන ඞී. ජේ. ෆෝබ්ස් තරගයට අවතීරණ වෙමින් ප‍්‍රබල අභියෝගයක් යොමු කරමින් ඌව පිල ජයග‍්‍රහණය දක්වා රැගෙන ආවේය.  

පළමු අර්ධ අවසන් පූර්ව තරගයේදී සෙන්ට‍්‍රල් කිංග්ස් පිල ලකුණු 38-7 කින් නෝත් වෙස්ටන් බ්ලැක්ස් පිල පරාජය කළේය. දෙවැනි තරගයේදී සදර්න් ශාක්ස් පිල ලකුණු 17-12 කින් නෝත් සෙන්ට‍්‍රල් ටයිෆූන්ස් පිලට එරෙහිව තියුණු ජයක් ලැබීය.

තරගාවලියේ දෙවැනි සහ අවසන් අදියර මේ මස 15 සහ 16 දෙදින කොළඹ පැරණි තුර`ග තරග පිටියේදී දිවා රාත‍්‍රි තරග ලෙස පැවැත්වේ. මෙම තරගාවලි දෙකේම ලකුණු එකතුවෙන් සමස්ත ශූරතාව පිරිනමයි.


තරග ප‍්‍රතිඵල

  • අවසන් මහ තරගය

වෙස්ටන් වොරියස් පිල විසින් ලකුණු 14-12 කින් සදර්න් ශාක්ස් පිල පරාජය කරන ලදී.

  • තෙවැනි සහ සිවුවැනි ස්ථානය සදහා තරගය

සෙන්ට‍්‍රල් කිංග්ස් පිල විසින් ලකුණු 19-14 කින් ඌව වයිපර්ස් පිල පරාජය කරන ලදී.

  • පස්වැනි සහ හයවැනි ස්ථාන සදහා තරගය

නොදර්න් ග්ලැඩියේටර්ස් පිල විසින් ලකුණු 26-17 කින් නෝත් සෙන්ට‍්‍රල් ටයිෆූන්ස් පිල පරාජය කරන ලදී.

  • හත්වැනි සහ අටවැනි ස්ථාන සදහා තරගය

ජැෆ්නා චැලෙන්ජර්ස් පිල විසින් ලකුණු 27-12 කින් සබරගමුව ස්ටැලියන්ස් පිල පරාජය කරන ලදී.

  • නවවැනි සහ 10 වැනි ස්ථාන සදහා තරගය

ඊස්ටන් ඊගල්ස් පිල විසින් ලකුණු 24-7 කින් නෝත් වෙස්ටන් බ්ලැක්ස් පිල පරාජය කරන ලදී.

 

‘කාල්ටන් සුපර් සෙවන්ස් 2014’ රග්බි තරගාවලියේ විශේෂ අවස්ථා...

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)


අදහස් (1)

පළමු අදියරේ ශූරතාව වෙස්ටර්න් වොරියර්ස්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.