Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ශ්‍රී ලංකා වයස 17 න් පහළ කණ්ඩායම සහ බංග්ලාදේශ 17 න් පහළ කණ්ඩායම් අතර ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (24 වැනිදා) පැවැති පළමු වැනි යොවුන් එක්දින තරගය වර්ෂාව නිසා අතහැර දමන ලදි.
පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ 17 න් පහළ කණ්ඩායම ලකුණු 141 කට දැවී ගියේය. අගනා පන්දු යැවීමක නිරත වූ විග්නේෂ්වරන් ආකාශ්, ඕවර 7.5 ක් යවමින් ලකුණු 27 කට කඩුලු 5 ක් දවාගත්තේය. 30 වැනි ඕවරයේදීත් කඩුලු 4 කට ලකුණු 126 ක ලබා සිටි බංග්ලාදේශ 17 න් පහළ කණ්ඩායම ආකාශ් සහ රසිත් නිම්සර දෙදෙනාගේ පන්දු යැවීම හමුවේ ඕවර 4 ක් ඇතුළත ලකුණු 141 කට දැවී ගියේය.
ශ්‍රී ලංකා ඉනිම ආරම්භ වී දෙවැනි ඕවරයේදීම වර්ෂාව ඇදවැටුණ හෙයින් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ඉලක්කය ලකුණු 126 ක් ලෙසින් සංශෝධනය කරන ලදි. එහෙත් වර්ෂාවෙන් පසුව යැවිය හැකිවූයේ තවත් ඕවර 4 ක් පමණි. පස්වරු 4.55 ට තරගය විනිසරුවරුන් විසින් තරගය අතහැර දමන ලදි.
බංග්ලාදේශ 17 න් පහළ කණ්ඩායම - ඕවර 33.5 කදී සියලු දෙනා දැවී 141 යි
(අබ්දුල්ලා අල් මුයි 31, රිදෝයි හොසේන් 40, ෆර්හාන් සදීක් 10, අසනුල් හක් මහිම් 26, රකිබුල් හොසේන් 10, රසිත් නිම්සර 19/2, විග්නේෂ්වරන් ආකාශ් 27/5)
ශ්‍රී ලංකා 17 න් පහළ කණ්ඩායම - ඕවර 5.3 කදී කඩුල්ලක් දැවී 23 යි
(රෙහාන් පීරිස් නොදැවී 11)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.