Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පළමු තරගයේ ජය කොල්කටා පිලට

පළමු තරගයේ ජය කොල්කටා පිලට

සංජය එරමුදුගොඩ - 2015 අප්‍රේ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ඉන්දීය පී‍්‍රමියර් ලීග් තරගාවලිය (අයි. පී. එල්.) ආරම්භ කරමින් කොල්කටා නයිට්රයිඩර්ස් පිල සහ මුම්බායි ඉන්දියන්ස් පිල අතර කොල්කටාහි ඊඞ්න් ගාඞ්න්ස් කී‍්‍රඩාංගණයේදී අද (08 වැනිදා) පැවැති තරගයෙන් කඩුලූ 7 ජයක් අත්කර ගැනීමට කොල්කටා නයිට්රයිඩර්ස් පිල සමත් විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 169 ක ඉලක්කයක් හඹාගිය කොල්කටා නයිට්රයිඩර්ස් කී‍්‍රඩකයෝ පන්දු 9 ඉතිරිව තිබියදී කඩුලූ 3 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.

නායක ගෞතම් ගම්භීර් පන්දු 43 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 57 ක් රැස්කරමින් තම කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්නේය.

පන්දු 20 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහරක් සමගින් වේගවත් ලකුණු 46 ක් රැස්කළ සුර්යකුමාර් යාදව් කොල්කටා පිල ජයග‍්‍රහණය කරා රැගෙන ගියේය.

පන්දු යැවීමේදී ලසිත් මාලිංග  ඕවර 4 ක් යවමින් ලකුණු 27 ක් ලබාදුන්නද කඩුලූ දවාගැනීමට අසමත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් පිල නියමිත  ඕවර 20 අවසානයේ කඩුලූ 3 ක් දැවී ලකුණු 168 ක් ලබා ගත්තේය.

නායකත්වයේ ඉනිමක් කී‍්‍රඩා කළ රොහිත් ශර්මා පන්දු 65 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 12 ක් සමගින් නොදැවී වේගවත් ලකුණු 98 ක් රැස්කළේය.

ලකුණු 37 ක් තුළ මුල් කඩුලූ 3 බිඳවැටී තිබූ අවස්ථවේ රොහිත් ශර්මා සහ කෝරි ඇන්ඩසන් (නොදැවී 55) එක්ව සිව්වැනි කඩුල්ල සඳහා පන්දු 88 කදී ලකුණු 131 ක නොබිඳුණ සම්බන්ධාතවක් ගොඩනඟමින් මුම්බායි ඉන්දියන්ස් පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

පන්දු 41 කදී වාර්තා වූ කෝරි ඇන්ඩසන්ගේ අර්ධ ශතකයට හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් විය.

ආරම්භයේදීම කි‍්‍රයාත්මක වූ මෝනි මෝකල්  ඕවර 4 ක් යවා ලකුණු 18 කට මුම්බායි ඉන්දියන්ස් පිලේ ප‍්‍රබල පිතිකරුවන් දෙදෙනකු වන ඒරන් ෆින්ච් සහ අම්බටි රයිඩු පිළිවෙළින් ලකුණු 5 කට සහ 0 කට දවාගැනීමට සමත් විය.

කාසියේ වාසිය දිනූ කොල්කටා නයිට්රයිඩර්ස් පිල පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා මුම්බායි ඉන්දියන්ස් පිලට ආරාධනා කර සිටියේය කළේය.

මුම්බායි ඉන්දියන්ස් පිල -  ඕවර 20 කදී කඩුලූ 3 ක් දැවී 168
(රෝහිත් ශර්මා නොදැවී 98, කෝරි ඇන්ඩසන් නොදැවී 55, මෝනි මෝකල් 18/2)

කොල්කටා නයිට්රයිඩර්ස් පිල -  ඕවර 18.3 කදී කඩුලූ 7 දැවී 170
(ගෞතම් ගම්භීර් 57, මනීෂ් පාණ්ඬේ 40, සූර්යකුමාර් යාදව් නොදැවී 46, යූසෆ් පතන් නොදැවී 14)

-036

 


අදහස් (0)

පළමු තරගයේ ජය කොල්කටා පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.