Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පළමු දිනයේම නව වාර්තා 3 යි

පළමු දිනයේම නව වාර්තා 3 යි

සංජය එරමුදුගොඩ - 2015 දෙසැ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

දියගම ‘මහින්ද රාජපක්‍ෂ’ ක‍්‍රීඩාංගණයේදී ඊයේ (18) ආරම්භ වූ 41 වැනි ජාතික මහ ක‍්‍රීඩා උළෙලේ මලල ක‍්‍රීඩා තරගාවලියේදී වසර 15ක් පැරණි තුන්පිම්ම (කාන්තා) ඉසව්වේ වාර්තාව බිඳ දමමින් නව වාර්තාවක් පිහිටුවීමට බස්නාහිර පළාතේ විදුෂා ලක්‍ෂාණි සමත් වූවාය.

වසර 2000 දී අනුෂා කාරියවසම් එක්නැලිගොඩ විසින් මීටර් 12.95ක පිහිටුවා තිබූ එම ඉසව්වේ පැරණි වාර්තාව විදුෂා ලක්‍ෂාණි විසින් බිඳ දමන ලද්දේ මීටර 12.98ක දුරක් පනිමිනි.

තුන් පිම්ම (කාන්තා) ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියන්නේද නව වර්තාලාභිණී විදුෂා ලක්‍ෂාණිය ඒ මීටර් 13.49 කටය.

මෙම ක‍්‍රීඩාංගණයේදීම මීට දින කීපයකට ඉහතදී පැවැති සාග් තේරීමේ තරගාවලියේදී මීටර 83.04කට  නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවූ විශ්වවිද්‍යාල සිසුවෙකු වන සුමේධ රණසිංහ ඊයේ ජාතික මහ ක‍්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීම (පිරිමි) ඉසව්වට සහභාගි වෙමින් එහි නව වාර්තාවක් (මීරට 75.91) පිහිටුවීමට සමත් විය.

වසර 2011 දී මීටර 73.47 කට දකුණු පළාත් ජේ.ඒ.එස්. මධුරංග පිහිටුවා තිබූ එහි පැරණි වාර්තාව ඊයේ බිඳ දැමු සුමේධ සබරගමුව පළාත නියෝජනය කරමින් මෙවර ජාතික මහ ක‍්‍රීඩා උළෙලට සහභාගි විය.

මේ අතර ඊයේ දිනයේ සෙසු නව තරග වාර්තාවක් සබරගමුව පළාත් ක‍්‍රීඩිකාවන් විසින් සතු කර ගත් අතර ඇය මීටර 5000 (කාන්තා) ඉසව්වේ රන් පදක්කම දිනා ගත් නිලානි රත්නායකයි. ඒ විනාඩි 16 තත්ත්පර 50.67කටය.

දකුණු පළාතේ ගයන්තිකා අබේරත්න වසර 2012 දී විනාඩි 16 තත්ත්පර 51.55කට පිහිටුවා තිබූ පැරණි වාර්තාව එහිදී නිලානි රත්නායක විසින් බිඳ දමන ලදී.

ඊයේ උදෑසන පැවති සෙසු මලල ක‍්‍රීඩා ඉසව් අතර උතුරු පළාතේ ජෙගනීෂ්වරී ඇතිනා රිටි පැනීම (කාන්තා) ඉසව්වේ රන් පදක්කම මීටර 3.25කට දිනා ගැනීමට සමත් විය.

41 වැනි ජාතික මහ ක‍්‍රීඩා උළෙලේ මලල ක‍්‍රීඩා ඉසව් අද සහ හෙටත් (19-20) දියගය මහින්ද රාජපක්‍ෂ පිටියේදී පැවැත්වේ. අද අවසන් තරග 12ක් පැවැත්වීම නියමිතය. ඊයේ දිනයේ මලල ක‍්‍රීඩා තරග වෙනත් සුවිශේෂි සිදුවීම් අතර මීටර 10000 (පිරිමි) ඉසව්ව ජයගත් මධ්‍යම පළාත් ලයනල් සමරජීව එහි රන් පදක්කම දිනාගත් සිව්වැනි අවස්ථාව එය වේ.

යගුලිය විසි කිරීම (කාන්තා) ඉසව්ව ඊයේ ජයගත් (මීටර 14.45) බස්නාහිර පළාතේ තාරිකා ප‍්‍රනාන්දු එහි රන් පදක්කම දිනා ගත් සිව්වැනි අවස්ථාවද වන අතර පසුගිය වසර දෙකේදී (2013-14) පිට පිටම ඇය එහි ජයග‍්‍රහනය සතු කර ගෙන තිබේ.

මෙවර ජාතික මහ ක‍්‍රීඩා උළලේ සමාප්ත උත්සවය හෙට (20) පස්වරු 3.30ට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


●●●

 

ඡායාරූප - ඉෂාන් සංජීව


අදහස් (0)

පළමු දිනයේම නව වාර්තා 3 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.