Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පළමු දිනයේ වැඩි ගෞරව දකුණු අප්‍රිකාවට

පළමු දිනයේ වැඩි ගෞරව දකුණු අප්‍රිකාවට

සංජය එරමුදුගොඩ - 2017 සැප් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය අතර පොචෙස්ට්රූම්හිදී අද (28 වැනිදා) ආරම්භවූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයට තරගය අවසන් වනවිටදී පළමුව ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටින දකුණු අප්‍රිකාව කඩුල්ලක් දැවී ලකුණු 298 රැස්කිරීමට සමත්විය.

පිතිකරුන්ට යෝග්‍ය තණතීරුවක කාසියේ වාසිය දිනා පන්දුවට පහර නොදීමේ ඵලවිපාක බංග්ලාදේශ කණ්ඩායමට මේ වනවිට විඳීමට සිදුවී ඇත.

ඩීන් එල්ගා ලකුණු 128 ක් සහ හසිම් අම්ලා ලකුණු 68 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටින අතර දෙවැනි කඩුල්ල සදහා දෑකුණු 102 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමටද සමත්වූහ.

ඩීන් එල්ගා සිය 9 වැනි ටෙස්ට් ශතකය පන්දු 176 කදී වාර්තා කිරීමට සමත්වූ අතර හසීම් අම්ලා සිය 36 වැනි ටෙස්ට් අර්ධ ශතකය පන්දු 79 කදී වාර්තා කිරීමට සමත්විය.

සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ඒඞ්න් මාක්‍රම් ශතකය පෙනි පෙනී ලකුණු 3 ක් මෙපිටින් ඉතා අවාසනාවන්ත දුවද්දී දැවීයාමකට හසුකර ගනිමින් දවාගැනීමට බංග්ලාදේශ පන්දු රකින්නෝ සමත්වූහ. පන්දු 152 කට මුහුණදුන් ඒඞ්න් මාක්‍රම් ලකුණු 97 ක් ලබාගත් අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 13 ක් ඇතුළත්විය.


දකුණු අප්‍රිකාව - පළමු ඉනිම - ඕවර 90 කදී කඩුල්ලක් දැවී ලකුණු 298
(ඩීන් එල්ගා නොදැවී 128 , ඒඞ්න් මාක්‍රම් 97, හසිම් අම්ලා නොදැවී 68)

 


අදහස් (0)

පළමු දිනයේ වැඩි ගෞරව දකුණු අප්‍රිකාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.