Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පළමු දිනයේ වැඩි ගෞරව නාලන්දාවට

පළමු දිනයේ වැඩි ගෞරව නාලන්දාවට

සංජය එරමුදුගොඩ - 2018 මාර් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දිවයිනේ ප්‍රධානතම බෞද්ධ පාසල් දෙකක් වන කොළඹ ආනන්ද විදුහල සහ කොළඹ නාලන්දා විදුහල අතර පැවැත්වෙන 89 වැනි ‘සුලෝහිත සංග්‍රාමය’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයේ පළමු දිනය වූ අද (3 වැනිදා) වැඩි ගෞරව දිනාගැනීමට නාලන්දා විදුහල සමත් විය.

කොළඔ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් ආනන්ද විදුහලේ පළමු ඉනිම ලකුණු 141 කට සීමා කළ නාලන්දා විදුහල් ක්‍රීඩකයෝ, දිනය නිමාවන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක් දැවී ලකුණු 107 ක් ලබා සිටියහ.

නාලන්දා ඉනිමේ පළමු කඩුලු 4 ලකුණු 57 ක් තුළ බිඳවැටුණ අතර හයවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි චමිඳු විජේසිංහ (18) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙන්වෙන් ලකුණු 43 ක සම්බන්ධතාවක් ගොඩනැගූ නායක ලක්ෂාන් රසාජන නොදැවී ලකුණු 32 ක් ලබා දිනය නිමාවන තෙක් කඩුල්ලේ රැදී සිටියේය.

කාසියේ වාසිය දිනූ නාලන්දා නායකයාගේ ආරාධයෙන් පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි ආනන්ද විදුහලේ පිතිකරු ලැයිස්තුව සුනුවිසුණු කර දැමීමට සුහඟ විජේවර්ධන සමත් වූයේ ලකුණු 52 කට කඩුලු 6 ක් දවාගනිමිනි. එහිදී ආනන්ද විදුහල් පළමු ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා සුහඟට අනගි සහායක් දුන් චමිඳු විජේසිංහ ලකුණු 33 කට කඩුලු 4 ක් බිඳහෙළීය.

ලකුණු 36 කට කඩුලු 5 ක් බිඳවැටී අසීරු තත්ත්වයකට පත්ව තිබූ ආනන්ද විදුහල එම තත්ත්වයෙන් ගොඩගැනීමට ලකුණු 58 ක් රැස්කළ ළහිරු හිරණ්‍ය සමත් විය. ශාමල් හිරුෂාන් සමග එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 22 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ළහිරු, ඉන් නොනැවතී දමින්ද රෙෂාන් (24) සමග එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 51 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ආනන්ද ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.


ආනන්ද විදුහල් පළමු ඉනිම - ඕවර 55 කදී සියලු දෙනා දැවී 141
(ළහිරු හිරණ්‍ය 58, දමින්ද රෙෂාන් 24, සුහඟ විජේවරධන 52/6, චමින්ද විජේසිංහ 33/4)

නාලන්දා විදුහල් පළමු ඉනිම - ඕවර 36 කදී කඩුලු 5 ක් දැවී 107
(ලක්ෂාන් රසාංජන නොදැවී 32, අවිෂ්ක පෙරේරා 24, දිල්හාර පොල්ගම්පල 23, ගිෂාන් විෂ්වජිත් 17/2, ශාමල් හිරුෂාන් 24/2)

ආනන්ද - නාලන්දා මහක්‍රිකට් තරගයේ විශේෂ අවස්ථා ...

ඡායාරූප - ළහිරු හර්ෂණ

 


අදහස් (0)

පළමු දිනයේ වැඩි ගෞරව නාලන්දාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.