Last Update  :  2024-12-27 20:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පළමු දිනයට වැස්ස හරස්වෙයි
ගැබා ටෙස්ට් තරගය

පළමු දිනයට වැස්ස හරස්වෙයි

editorial - 2024 දෙසැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර බි්‍රස්බේන් නුවර ගැබා ක්‍රීඩාංගණයේදී අද (14 වැනිදා) ආරම්භ වූ තුන්වැනි ටෙස්ට් තරගය දෙස සියලු දෙනාම මහත් උනන්දුවෙන් බලා සිටියත් වර්ෂාව හේතුවෙන් අද දිනයේ යැවිය හැකි වූයේ ඕවර 13.2 ක් පමණි. ඒ අතරවාරයේදී ඕස්ට්‍රේලියානුවෝ කිසිවකු නොදැවී ලකුණු 28 ක් ලබාගත්හ. 

බෝඩර් - ගවස්කාර් කුසලාන වෙනුවෙන් පැවැත්වෙන තරග 5 කින් සමන්විත තරගාවලිය මේ වන විට 1-1 ක් ලෙසින් සමවී තිබේ. 

ක්‍රීඩාංගණයට ඉහළින් පැවැති අහස සම්පූර්ණයෙන්ම වළාකුළෙන් බරව තිබීමත්, තණතීරුවේ තිබූ වැඩි තණකොළ ප්‍රමාණයත් නිසා කාසියේ වාසිය දිනාගැනීමෙන් පසුව ඉන්දියානුවන්ට ගැනීමට තිබුණේ පහසු තීරණයකි. ඉන්දියානුවන් මෙම තරගාවලියේදී කාසියේ වාසිය දිනාගත් තුන්වැනි අවස්ථාව මෙයයි. අනෙක් අතට ගැබා ක්‍රීඩාංගණයේදී අවසන් වරට පැවැති ටෙස්ට් තරග 7 කින් 6 ක්ම ජයගෙන ඇත්තේත් පළමුවෙන් පන්දු යැවූ කණ්ඩායමයි. 

ඉන්දීය වේග පන්දු යවන්නන්ට තමන්ගේ ඉලක්කය මෙන්ම රිද්මය ලබාගැනීම සඳහා ඕවර කිහිපයක් ගතවූ නමුත් උස්මන් කවාජා සහ නේතන් මැක්ස්වීනි තර්ජනයකින් තොරවම පන්දුවට මුහුණ දුන්හ. වර්ෂාව නිසා පළමු වරට තරගය නතර කරන විට යවා තිබුණේ ඕවර 5.3 කි. 

පැය භාගයකට පමණ පසුව තරගය නැවත ආරම්භ වූ නමුත් එවරත් යැවිය හැකිවූයේ ඕවර 7.5 කි. දිවා ආහාර විවේකය මෙන්ම තේ පානයත් වර්ෂාව විසින්ම ගිලගන්නා ලදි. පස්වරු 3.00 ට පමණ නතර කළ වර්ෂාව යළි පැමිණි හෙයින් පස්වරු 4.15 ට පමණ මුල් දිනයේ ක්‍රීඩාව අතහැර දමන ලදි. 


ඕස්ට්‍රේලියාව - පළමු ඉනිම කිසිවකු නොදැවී 28
(උස්මන් කවාජා නොදැවී 19, නේතන් මැක්ස්වීනි නොදැවී 04)

- 213


අදහස් (0)

පළමු දිනයට වැස්ස හරස්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.