Last Update  :  2024-09-07 19:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පළමු දිනයේම නව වාර්තා 4 යි
48 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙල

පළමු දිනයේම නව වාර්තා 4 යි

editorial - 2024 ජුලි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

කොළඹ  සුගතදාස  පිටියේදී අද (17) ආරම්භ වූ 48 වැනි ජාතික  මහ ක්‍රීඩා තරගාවලියේ  මලල ක්‍රීඩා තරග ආරම්භයේදීම නව වාර්තා තුනක්  බිහිවීම කැපී පෙණුණි. සිකුරාදා (19) දක්වා පැවැත්වෙන මෙම තරගාවලියේදී ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබාගත් ශ්‍රී  ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වන මැදි දුර ධාවන  ශූරී තරුෂි කරුණාරත්න , හෙල්ල විසි කිරීමේ ක්‍රීඩිකා දිල්හානි ලේකම්ගේ හා මීටර් 400 ක්‍රීඩක අරුණ දර්ශනද තරග වැදීමට සූදානමින් සිටිති.

දිල්හානි ලේකම්ගේ  අද (17 වැනිදා) කාන්තා හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනා ගත්තේ මීටර්  51.69 ක දක්ෂතාවයක් දක්වමිණි.

තරුෂි  කරුණාරත්න සිය ප්‍රධාන ඉසව්ව වන මීටර්  800  (කාන්තා) ඉසව්ව අත් හැර මීටර් 400  කාන්තා ඉසව්වට සහ මීටර්  400 × 4 මිශ්‍ර  ඉසව්වට සහහාගි වන බව වාර්තාවේ. ඇගේ වැඩිමහළ් සොහොයුරා  වන හර්ෂ කරුණාරත්න  ද තරුෂි සමග මිශ්‍ර  සහය දිවීමේ ඉසව්වටද සහභාගි වීමට සූදානමින් සිටින බව ඔවුන්ගේ පුහුණුකරු වන සුසන්ත ප්‍රනාන්දු  මහතා පවසයි. කෙසේවුවත්  වර්ෂාව ඇද හැළීම හා සුගතදාස  ධාවන පථයේ  කඩතොළුවී තිබීමේ තත්වයන් මැද තරුෂිගේ තරග වැදීමේ තිරණයේ වෙනස්කම් ඇතිවිය හැකි බව ප්‍රනාන්දු  මහතා වැඩිදුරටත්  පවසයි.

ජාතික මහ ක්‍රීඩා තරගාවලිය නිමාවට පත් කරමින් මිශ්‍ර  සහය දිවීමේ ඉසව්ව සිකුරාදා  පස්වරු 3.30 ට පැවැත්වේ. ඊට අරුණ  දර්ශනද සහභාගි වේ. අරුණ  දර්ශන මෙවර තරගාවලියේදී  සිය කේවළ ඉසව්ව ලෙස තෝරා ගෙන ඇත්තේ  මීටර් 200 (පිරිමි) ඉසව්වයි.

නැගෙනහිර  පළාතේ රසාරා විජේසූරිය මීටර් 10,000  කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ සුජීවා නිල්මිණි  ජයසේන 1995 දී පිහිටුවා තිබූ එහි පැරණි වාර්තාව බිද දමමිණි. සුජීවා නිල්මිණිගේ වාර්තාව විනාඩි 35 තත්පර 03.00 ක් වූ අතර රසාරා විජේසූරිය විනාඩි 34 තත්පර 35.09 කට නව වාර්තාව පිහිටවූවාය. 

උතුරු  පළාතේ නිතර්ෂණී දක්ෂිතා මීටර් 3.51කට තමන් විසින්ම මීට පෙර (2023) පිහිටුවා තිබූ වාර්තාව නැවැත අලුත් කිරීමට සමත් වූවාය. ඒ අතර කව පෙත්ත විසි කිරීමේ  කාන්තා ඉසව්වෙන් ඊයේ නව වාර්තාවක් බිහි කිරීමට උතුරු  මැද පළාතේ ඒ.ජී.වී.ලක්මාලි (මීටර් 45.50) සමත්වූවාය. 

අද දිනයේ වාර්තාවූ අනෙක් නව තරග වාර්තාව ඌව පළාතේ නෙත්මිකා මධුෂානිට හිමිය. ඒ තුන් පිම්ම (කාන්තා)  ඉසව්වෙන්  මීටර 13.32 ක දක්ෂතාවයක් දක්වමින් ඇගේම පැරණි වාර්තාව (මීටර් 13.08) බිද හෙළීමයි. 


අදහස් (0)

පළමු දිනයේම නව වාර්තා 4 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.