Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පළමු පෙරහුරු තරගයේ ජය ශ්‍රී ලංකාවට

පළමු පෙරහුරු තරගයේ ජය ශ්‍රී ලංකාවට

editorial - 2023 ජුනි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීම සඳහා සිම්බාබ්වේහි පැවැත්වෙන තේරීම් තරගාවලිය යටතේ බුලවායෝහිදී ඊයේ (13 වැනිදා) පැවැති පෙරහුරු තරගයකදී නෙදර්ලන්තයට එරෙහිව කඩුලු 3 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.
 
ජයග්‍රහණය සඳහා ලකුණු 215 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ, ඕවර 37.1 ක් අවසානයේ කඩුලු 7 ක් දැවී ඉලක්කය සපුරාගත්හ. නායකත්වයේ පිතිහරඹයක නිරත වූ දසුන් ශානක පන්දු 52 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 8 ක් සමග නොදැවී ලකුණු 67 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.

ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න පන්දු 55 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 47 ක්ද, කුසල් මෙන්ඩිස් පන්දු 23 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 27 ක්ද, චරිත් අසලංක පන්දු 38 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 29 ක්ද රැස්කරමින් ජයග්‍රහණය සඳහා දායකත්වය දැක්වූහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්තයට කසුන් රාජිත ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ ලබාගත හැකි වූයේ ලකුණු 214 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ රාජිත නිලකුණු ඕවරයක්ද සමග ලකුණු 19 කට කඩුලු 3 ක් බිඳහෙළමින් නෙදර්ලන්ත ඉනිම අඩ පණ කළේය. එහිදී ඔහුට අනගි සහායක් දුන් ධනංජය ද සිල්වා සහ මහීෂ් තීක්ෂණ කඩුලු 2 බැගින් දවාගත්හ.


නෙදර්ලන්තය -  ඕවර 45.3 කදී සියලු දෙනා දැවී 214
(තේජා නිදමනුරු 41, ස්කොට් එඩ්වඩ්ස් 35, සකීබ් සුල්ෆිකාර් 56, කසුන් රාජිත 19/3, ධනංජය ද සිල්වා 19/2, මහීෂ් තීක්ෂණ 36/2)

ශ්‍රී ලංකාව - ඕවර 37.1 කදී කඩුලු 7 ක් දැවී 215
(දිමුත් කරුණාරත්න 47, කුසල් මෙන්ඩිස් 27, චරිත් අසලංක 29, දසුන් ශානක නොදැවී 67, චාමික කරුණාරත්න 16, ක්ලේටන් ෆ්ලොයිඩ් 40/2)

-036


අදහස් (0)

පළමු පෙරහුරු තරගයේ ජය ශ්‍රී ලංකාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.