Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක බංග්ලාදේශ වයස 19 න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (30 වැනිදා) පැවැති පළමු එක්දින තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව නිමාවට පත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 208 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ යොවුන් කණ්ඩායම ඕවර 13.2 ක් අවසානයේ වර්ෂාව හේතුවෙන් තරගය අවසන් කරන විට කඩුල්ලක් දැවී ලකුණු 66 ක් ලබා සිටියේය.
මන්දාලෝක තත්වයත් සමග දිගින් දිගටම සිහින් පොද වැස්සක් පැවතිම හේතුවෙන් තරගය අතහැර දැමීමට විනිසුරුවෝ තීරණය කළහ. තරගය නතර කරන විට නව්රෝස් නබිල් ලකුණු 15 ක්ද, හසන් ජෝයි එක් ලකුණක්ද ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.
බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට වේගවත් ආරම්භයක් ලබාදුන් ටැන්සිඞ් හසන් පන්දු 29 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමග සිය අර්ධ ශතකය සම්පූර්ණ කළේය. අර්ධ ශතකය ලබාගැනීමෙන් පසු, පා දඟ පන්දු යවන ක්‍රීඩක රවීන් ද සිල්වා යැවූ පළමු පන්දුවේදී සොනාල් දිනූෂ අතට උඩපන්දුවක් ලබාදෙමින් ටැන්සිඞ් හසන් පිටියෙන් ඉවත්ව ගියේය.
කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායමේ නායක තව්හිඞ් රිඩෝයි පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට ආරාධනා කළ අතර ශ්‍රී ලංකා පිතිකරුවන්ට ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 207 ක් පමණි.
ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමෙන් වාර්තාවූ එකම අර්ධ ශතකයට හිමිකම් කියූ සොනාල් දිනූෂ ලකුණු 59 ක් ලබා සිටියදී ශොරිෆුල් ඉස්ලාම්ගේ පන්දුවක් හමුවේ ශමීම් පට්වාරි අතට උඩපන්දුවක් දෙමින් හත්වැනි කඩුල්ල ලෙස දැවී ගියේය. පන්දු 53 කදී සිය අර්ධ ශතකය ලබාගත් දිනූෂ දැවී යන විට පන්දු 91 කට මුහුණදී සිටි අතර හතරේ පහර 4 කින් ඔහුගේ ඉනිම සමන්විත වී තිබිණ.
අවිශ්ක තරිඳු සමග එක්ව පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 51 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ සොනාල් දිනූෂ හත්වැනි කඩුල්ල සඳහා රවීන් ද සිල්වා සමග එක්ව තවත් ලකුණු 36 ක සම්බන්ධතාවයක්ද ගොඩනැගීමට සමත් විය.
ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව 10 ක් වන විට පළමු කඩුල්ල ලෙස මුදිත ප්‍රේමදාස දවාගැනීමට ශහින් අලාම් සමත් විය. අමීත් හසන් අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට ඔහුට රැස්කරගත හැකිව තිබුණේ ලකුණු 2 ක් පමණි.
දෙවැනි කඩුල්ල සඳහා පන්දු 76 කදී ලකුණු 83 ක සම්බන්ධතාවයක් පැවැත්වූ නවෝද් පරණවිතාන සහ නායක නිපුන් ධනංජය කෙමෙන් කෙමෙන් ශ්‍රී ලංකා යොවුන් ඉනිම ගොඩනැගූහ. නමුත් 17 වැනි ඕවරයේ පළමු සහ තෙවැනි පන්දු වලදී නවෝද් පරණවිතාන සහ නිපුන් ධනංජය දවාගනිමින් ශ්‍රී ලංකා යොවුන් පිල දැඩි පීඩනයකට ලක්කිරීමට රිතුන්ජෝයී චෞද්‍රි සමත් විය.
පන්දු 50 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 33 ක් ලබාසිටි නවෝද් පරණවිතානට පිටියෙන් ඉවත්වීමට සිදු වූයේ නව්රෝස් නබිල්ගේ දක්ෂ පන්දු රැකීම හමුවේය. පන්දු 41 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 32 ක් රැස්කළ නිපුන් ධනංජය දැවී ගියේ කඩුලු රකින ක්‍රීඩක අක්බර් අලී අතට උඩ පන්දුවක් දෙමිනි.
පසුපෙළ පිතිකරුවන්ට ලකුණු අතරට පැමිණීමට අවස්ථාවක් ලබා නොදුන් බංග්ලාදේශ යොවුන් කණ්ඩායමේ වේගපන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ඉතා අසීරුවෙන් ලකුණු 200 සීමාව පසුකිරීමට සමත් විය.
රිතුන්ජෝයී චෞද්‍රි කඩුලු 4 ක්ද, ශොරිෆුල් ඉස්ලාම් කඩුලු 2 ක්ද දවාගනිමින් බංග්ලාදේශ යොවුන් කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ. වමතින් දඟපන්දු යවන රකිබුල් හසන් එහිදී කඩුලු 2 ක් දවාගත්තේ සිය ඕවර 10 ලකුණු 25 කට සීමාකරමිනි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.