Last Update  :  2025-04-21 11:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පළමු වි:20 තරගයේ ජය ඕස්ටේ‍්‍රලියාවට

පළමු වි:20 තරගයේ ජය ඕස්ටේ‍්‍රලියාවට

සංජය එරමුදුගොඩ - 2014 ජන මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

එංගලන්තයට එරෙහිව හෝබාර්ට් කී‍්‍රඩාංගණයේදී පැවති පළමු විස්සයි20 කි‍්‍රකට් තරගයෙන් ලකුණු 13 ක ජයක් ලබාගැනීමට  ඕස්ටේ‍්‍රලියා කණ්ඩායම අද (29 වැනිදා) සමත්විය. ලකුණු 214 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹාගිය එංගලන්ත පිතිකරුවන්ට නියමිත  ඕවර 20 අවසානයේ කඩුලූ 9 ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 200 ක් පමණි.

එංගලන්ත ඉනිමේ 7 වැනි පිතිකරු ලෙස පිටියට පිවිසි රවී බොපාරා නොදැවී ලකුණු 65 ක් රැස්කරමින් තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා කැඳවාගෙන යාමට තැත් කළද, ඔහුගේ සහයට කිසිවකු නොමැතිවීම නිසා එම උත්සහය ව්‍යර්ථ විය.

පන්දු 27 කදී වාර්ථාවූ ඔහුගේ වේගවත් ඉනිමට හයේ පහර 7 ක් සහ හතරේ පහර 2 ක් අන්තර්ගත විය.

එංගලන්ත පිතිකරුවන් අසරණ තත්ත්වයකට ඇද දැමූ නේදන් කූල්ටර්නයිල් ලකුණු 30 කට කඩුලූ 4 ක් දවාලීමට සමත්විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන්  ඕස්ටේ‍්‍රලියා කණ්ඩායම  ඕවර 20 අවසානයේ කඩුලූ 4 ක් දැවී ලකුණු 213 ක් රැස්කළ අතර එහිදී තරගයේ වීරයා බවට පත්වූ කැමරන් වයිට් (75) සහ ඒරන් ෆින්ච් (52) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 64 කදී ලකුණු 106 ක සම්බන්ධතාවක් ගොඩනගමින් තම කණ්ඩායමට ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා යාමට හොඳ පදනමක් දැමූහ. පන්දු 43 කදී වාර්ථාවූ කැමරන් වයිට්ගේ ලකුණු 75 ට හයේ පහර 4 ක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් වෙද්දී, ඒරන් ෆින්ච්ගේ පන්දු 31 ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත්විය.


ඕස්ටේ‍්‍රලියාව - ඕවර 20 කදී කඩුලූ 4 කට 213 (කැමරන් වයිට්ගේ 75, ඒරන් ෆින්ච් 52, ග්ලේන් මැක්ස්වෙල් 20, කි‍්‍රස් ලයන් 33)

එංගලන්තය - ඕවර 20 කදී කඩුලූ 9 කට 200 (ඇලෙක්ස් හේල් 22, ජෝ රූට් 32, ජොස් බට්ලර් 20, රවී බොපාරා නොදැවී 65, නේදන් කූල්ටර්නයිල් 30/4, මොයිසස් හෙන්රික්ස් 36/2)

- 036


අදහස් (0)

පළමු වි:20 තරගයේ ජය ඕස්ටේ‍්‍රලියාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.