Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය කණ්ඩායමට එරෙහිව වෙලිංටන්හිදී පැවැති පළමු විස්සයි20 තරගයෙන් ලකුණු 80 ක ජයක් ලැබූ නවසීලන්ත කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 220 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායම ඕවර 19.2 ක් අවසානයේ ලකුණු 139 කට සීමා කිරීමට ටිම් සවුති ප්‍රමුඛ නවසීලන්ත පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ සවුති ලකුණු 17 කට කඩුලු 3 ක් දවාගත් අතර ඉන්දීය ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා ඔහට අනගි සහායක් දුන් ලොකී ෆර්ගියුසන්, මිචෙල් සෑන්ට්නර් සහ ඉෂ් සෝධි කඩුලු 2 බැගින් දවාගත්හ.
ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ මහේන්ද්‍ර සිං දෝනි, පන්දු 31 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 39 ක් රැස්කළද, ඔහුට සිය කණ්ඩායම පරාජයෙන් ගලවාගත නොහැකි විය. ශිකර් ධවාන් හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 29 ක්ද, විජේ ශංකර් හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 27 ක්ද ලබා සිටියදී දැවී ගියහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 219 ක් ලබාගත් අතර එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිතර වූ ටිම් සෙයිෆර්ට් පන්දු 43 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 84 ක් රැස්කළේය. කොලින් මුන්රෝ (34) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 48 කදී ලකුණු 86 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමට සෙයිෆර්ට් සමත් විය.
පන්දු 20 කදී වාර්තා වූ මුන්රෝගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් වූ අතර නායක කේන් විලියම්සන් පන්දු 22 කදී හයේ පහර 3 ක් සමග ලකුණු 34 ක්ද, රොස් ටේලර් පන්දු 14 කදී හයේ පහර 2 ක් සමග ලකුණු 23 ක්ද රැස්කරමින් නවසීලන්ත කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ නැංවූහ.
නවසීලන්තය - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 219
(ටිම් සෙයිෆර්ට් 84, කොලින් මුන්රෝ 34, කේන් විලියම්සන් 34, රොස් ටේලර් 23, ස්කොට් කුගිලෙජින් නොදැවී 20, හර්දීක් පාණ්ඩ්‍යා 51/2)
ඉන්දියාව - ඕවර 20 කදී සියලු දෙනා දැවී 139
(ශිකර් ධවාන් 29, විජේ ශංකර් 27, මහේන්ද්‍ර සිං දෝනි 39, කෘනාල් පාණඩ්‍යා 20, ටිම් සවුති 17/3, ලොකී ෆර්ගියුසන් 22/2, මිචෙල් සෑන්ට්නර් 24/2, ඉෂ් සෝධි 26/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.