Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පළමු සිවුදින තරග දෙකේ නායකත්වය දිමුත්ට

පළමු සිවුදින තරග දෙකේ නායකත්වය දිමුත්ට

Nisanka Sandeepani - 2018 ජුනි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ මස 23 වැනිදා බංග්ලාදේශය බලා පිටත්ව යෑමට නියමිත 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ නායකත්වයට ටෙස්ට් පිතිකරු දිමුත් කරුණාරත්න පත්කර ඇත. තුන්ඉරියව් ක්‍රීඩක දසුන් ශානක උපනායකයා වශයෙන් පත්කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

බංග්ලාදේශ තරග සංචාරය සඳහා නිල නොවන ටෙස්ට් තරග 3 ක් සහ නිල නොවන එක්දින තරග 3 ක් පැවැතියද දිමුත් කරුණාරත්න නායකත්වය දරනු ලබන්නේ පළමු සිවුදින තරග 2 සඳහා පමණි. තෙවැනි සිවුදින තරගය පැවැත්වෙන කාල සීමාවේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතවන අතර පළමු ටෙස්ට් තරගයට සහභාගිවීම සඳහා දිමුත් කරුණාරත්නට දිවයින බලා පැමිණීමට සිදුවනු ඇත. 

ජුනි 26 සිට ජුනි 29 දක්වා පළමු සිවුදින තරගයත් ජූලි 3 සිට ජූලි 6 දක්වා දෙවැනි සිවුදින තරගයත් ශේක් කමාල් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ජූලි 10 සිට ජූලි 13 දක්වා පැවැත්වෙන තෙවැනි සිවුදින තරගයත් ජූලී 17, 19 සහ 22 දිනයන්හී පැවැත්වෙන එක්දින තරග 3 ශිලාත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් ටෙස්ට් තරග 3 ක් සඳහා කැරිබියන් දූපත්හී සංචාරය කිරීමට නියමිතව සිටියද ඇඟිල්ලක අස්ථියක් බිදියාම හේතුවෙන් එම තරගාවලියෙන් ඉවත්වීමට දිමුත්ට සිදුවිය. ටෙස්ට් තරග 49 කට ක්‍රීඩාකර ඇති දිමුත් ශතක 7 ක් සහ අර්ධ ශතක 14 ක් සමගින් ලකුණු 3186 ක් රැස්කර ඇති අතර ලකුණු රැස්කිරීමේ සාමාන්‍යය 34.63 ක් ලෙස රඳවාගෙන ඇත.

ශ්‍රී ලංකා සංචිතය
දිමුත් කරුණාරත්න (නායක), දසුන් ශානක (උපනායක), ධනුෂ්ක ගුණතිලක, සධීර සමරවික්‍රම, ළහිරු තිරිමාන්න, අෂාන් ප්‍රියංජන්, චරිත් අසලංක, ශම්මු අශාන්, මනෝජ් සරත්චන්ද්‍ර, ප්‍රභාත් ජයසූරිය, ලක්ෂාන් සඳකැන්, නිශාන් පිරීස්, ශෙහාන් මදුශංක, නිසල තාරක, දිලේෂ් ගුණරත්න.

අතිරේක ක්‍රීඩකයෝ
ළහිරු මිලන්ත, විශ්ව ප්‍රනාන්දු, චතුරංග ද සිල්වා, ලසිත් ඇඹුල්දෙණිය.


අදහස් (0)

පළමු සිවුදින තරග දෙකේ නායකත්වය දිමුත්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.