Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මංගල තරගයේදීම මංගල ටෙස්ට් ශතකය (134) ලබාගැනීමට ප්‍රිත්වි ෂෝ වාසනාවන්ත විම හේතුවෙන් සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට එරෙහිව රාජ්කොට්හිදී අද (04 වැනිදා) ආරම්භවූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය අවසන් වනවිට ඉන්දියාව පළමු ඉනිම සඳහා කඩුලු 4 ක් දැවී ලකුණු 364 ක් රැස්කිරීමට සමත්විය.
දිනය නිමාවන විට විරාට් කෝලී ලකුණු 72 ක් සහ රිෂාබ් පාන්ට් ලකුණු 17 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිති.
පළමු පෙළ තරග වලදී පෙන්වූ දක්ෂතා හේතුවෙන් ඉන්දීය ජාතික කණ්ඩායමට කැඳවීමක් ලැබූ ප්‍රිත්වි ෂෝ තමන්ට ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් ශතකයක් ලබාගැනීමට සමත්විය. පන්දු යැවූ දේවේන්ද්‍ර බිශෝ අතටම උඩපන්දුවක් දෙමින් ලකුණු 134 ක් රැස්කර සිටි ප්‍රිත්වි ෂෝ පන්දු 154 කට දැවී ගියේය. පන්දු 154 කට මුහුණදුන් ප්‍රිත්වි ෂෝගේ ඉනිමට හතරේ පහර 19 ක් ඇතුළත්වූ අතර පන්දු 100 කදී ලකුණු රැස්කිරීමේ වේගය ලකුණු 87.01 ක් ලෙස රඳවා ගැනීමට ඔහු සමත්විය.
කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායක විරාට් කෝලී පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර ආරම්භක පිතිකරු ලෝකේෂ් රාහුල් ලකුණු ලබාගැනිමට පෙර පළමු ඕවරයේ අවසන් පන්දුවේදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමින් පිටියෙන් ඉවත් කිරීමට ශැනන් ගේබි්‍රයල් සමත්විය.
ලෝකේෂ් රාහුල්ගේ දැවීයාමෙන් පසු දෙවැනි කඩුල්ල එක්වූ සඳහා ප්‍රිත්වි ෂෝ සහ චිතේෂ්වර් පුජාරා ලකුණු 206 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් ඉන්දිය ඉනිමට ශක්තිමත් අඩිතාලමක් දමාදීමට සමත් වූහ. ශර්මන් ලෙවිස්ගේ පන්දුවක් හමුවේ ශේන් ඩවිරිච් අතට උඩපන්දුවක් දෙමින් චිතේෂ්වර් පුජාරා ලකුණු 86 කට දැවීයන විට පන්දු 130 කට මුහුණ දෙමින් හතරේ පහර 14 ක් සිය ඉනිමට එක්කර ගෙන සිටියේය.
සිවුවැනි කඩුල්ල සඳහා ලකුණු 105 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට විරාට් කෝලී සහ අජින්ක්‍යා රහනේ සමත්වූහ.
ඉන්දීය පළමු ඉනිම - ඕවර 89 කදී කඩුලු 4 ක් දැවී 364
(ප්‍රිත්වි ෂෝ 134, චිතේෂ්වර් පුජාරා 86, විරාට් කෝලී නොදැවී 72, අජින්ක්‍යා රහනේ 41)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.