Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ප්‍රංශ විවෘත තරගාවලිය ප්‍රේක්‍ෂකයන්ගෙන් ඈත් කරයි

ප්‍රංශ විවෘත තරගාවලිය ප්‍රේක්‍ෂකයන්ගෙන් ඈත් කරයි

editorial - 2020 මැයි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොරෝනා වයිරස් වසංගතය පැතිරීම හේතුවෙන් මැයි මාසයේ සිට සැප්තැම්බර් දක්වා කල් දැමූ ප්‍රංශ විවෘත තරගාවලිය රසිකයන් නොමැතිව පැවැත්විය හැකි බව රෝලන්ඞ් ගැරොස් සංවිධායකයෝ පවසති. කොවිඞ්-19 වසංගතයට ගොදුරු වීමෙන් ටෙනිස් ප්‍රජාව බේරා ගැනීමේ අරමුණින් මැයි 24 සිට ජූනි 7 දක්වා සැලසුම් කර තිබු ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලිය සැප්තැම්බර් 20 සිට ඔක්තෝබර් 4 දක්වා පසු පසට තල්ලු කිරීමට ප්‍රංශ ටෙනිස් සම්මේලනය තීරණය කළේය.

මේ වසරේ ප්‍රංශ විවෘත තරගාවලිය සඳහා මිලදී ගත් සියලුම ප්‍රවේශ පත්‍ර අවලංගු කිරීම හෝ මාරු කිරීම වෙනුවට ඒ වෙනුවෙන් වැයවූ මුදල් ආපසු ගෙවන බව ප්‍රංශ ටෙනිස් සම්මේලනය පසුගිය සතියේදී පැවසීය.

“රසිකයන් නොමැතිව එය සංවිධානය කිරීමෙන් ටෙනිස් ආර්ථිකයේ කොටසක් ලෙස රූපවාහිනී අයිතිවාසිකම් ඉදිරියට ඒවි. එය නොසලකා හැරිය හැකි දෙයක් නොවේ” යැයි ප්‍රංශ ටෙනිස් සම්මේලනයේ සභාපති බර්නාඞ් ගුඩිසෙලි මහතා ප්‍රංශ පුවත්පතකට පැවසීය.
“අපි කිසිම විකල්පයක් බැහැර කරන්නේ නැහැ” යයිද හෙතෙම පැවසීය.

වසංගතය හේතුවෙන් මෙවර යුරෝපයේ ටෙනිස් තරග වාරය මාර්තු මස මුලදී අත්හිටුවන ලදි. බොහෝ රටවල් මේ වනවිටත් අගුලු දමා ඇත. එබැවින් අවම වශයෙන් ජූලි මැද වන තෙක් මෙම විරාමය පවතිනු ඇත.

එක්සත් ජනපද විවෘත තරගාවලිය අගෝස්තු මස අග දී පැවැත්වීමට නියමිතව ඇතත් එය පැවැත්වෙන දින වකවානු තවමත් පැහැදිලි නැති අතර විම්බල්ඩන් තරගාවලිය අවලංගු කර ඇත.

ප්‍රංශ විවෘත තරගාවලිය කල් දමන බව මාර්තු මැද භාගයේදී ප්‍රකාශයට පත් කළ විට ප්‍රංශ ටෙනිස් සම්මේලනය දැඩි විවේචනයට ලක්විය. නව දිනයන් කෘතිම මතුපිටක් සහිත තරග සමය සමඟ ගැටීම නිසා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඒ පිළිබඳ සන්තාපයෙන් සිටිති.

ප්‍රමාද වී ආරම්භ කිරීමෙන් හෝ එක්සත් ජනපද විවෘත තරගාවලිය සහ පැරිස් තරඟාවලිය අතර සති දෙකක විවේකයක් ක්‍රීඩකයින්ට ලබා දෙනු ඇත.

තරගාවලිය “සැප්තැම්බර් මාසයේ 20 හෝ 27 වන දින පැවැත්වේවි. එය ඊට වඩා වෙනස්කම් වලට ලක් නොවේ,” යැයි ද ගුඩිසෙලි මහතා පැවසීය.

- 2079

අදහස් (0)

ප්‍රංශ විවෘත තරගාවලිය ප්‍රේක්‍ෂකයන්ගෙන් ඈත් කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.