Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
තම උකුල අස්ථියේ ආබාධයක් හේතුවෙන් ස්පාඤ්ඤයේ විශිෂ්ටතම ටෙනිස් ක්‍රීඩක රෆායෙල් නඩාල් මේ වසරේදී පැවැත්වීට නියමිත ප්‍රංශ විවෘත ශූරතාවලියෙන් ඉවත් වී තිබේ. මේ වන විට ටෙනිස් ශූරතා 92 කටත්, ග්‍රෑන්ඩ් ස්ලෑම් කේවල ශූරතා 22 කටත් හිමිකම් කියන නඩාල් ලබන වසරේදී වෘත්තීය ටෙනිස් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට සූදානම් වෙමින් සිටී.
වසර 2005 දී පළමු වතාවට ප්‍රංශ විවෘත ශූරතාවලියට ක්‍රීඩා කළ නඩාල්ට ලෝකයේ ප්‍රධානතම මැටි පිටි ටෙනිස් තරගාවලිය අහිමි වන්නේ වසර 18 කට පසුවය. 36 හැවිරිදි ස්පාඤ්ඤ ජාතිකයා, මෙම වසර 18 ඇතුළතදී 14 වතාවක් ප්‍රංශ විවෘත ශුරතාවලිය ජයගෙන තිබේ.
“මේක මම ගත්ත තීරණයක් නෙමේ. මගේ ශරීරය විසින් ගන්නා ලද තීරණයක්” යයි මෙවර ප්‍රංශ විවෘත තරගාවලියෙන් ඉවත්වීමට සිදුවීම ගැන නඩාල් කියයි.
මාස කිහිපයක් පුහුණුවීම් වලින් පවා ඉවත්වීමට සිදුවන බැවින් තවත් ග්‍රෑන්ඩ් ස්ලෑම් තරගාවලි දෙකක් වන විම්බල්ඩන් තරගාවලියෙන් මෙන්ම බොහෝ විට එක්සත් ජනපද විවෘත ශූරතාවලියෙන්ද ඉවත් වීමට තමන්ට සිදුවිය හැකි බවත් නඩාල් කියයි. එහෙත් ලබන වසරේදී පැවැත්වෙන ඕස්ට්‍රේලියානු විවෘත ශූරතාවලියට ක්‍රීඩා කිරීමට නඩාල් සූදානමින් සිටී.
තමන්ගේ නැවත පැමිණීම සම්බන්ධයෙන් දිනයක් නියම කිරීමට බලාපොරොත්තු වන ටෙනිස් ශූරයා, බොහෝ විට එය නොවැම්බර් මාසයේදී පැවැත්වෙන ඩේවිස් කුසලාන තරගාවලිය විය හැකි බවත් කියයි.
“මේ වෙලාවෙත් ක්‍රීඩා කරන්න මම උත්සාහ කළොත්, ලබන අවුරුද්දේ මට හොඳින් ක්‍රීඩා කරන්න ලැබෙන එකක් නෑ, ඒ නිසා අවසාන අවුරුද්ද හොඳින් ක්‍රීඩා කරන්න නම් මේ වෙලාවේ මම ක්‍රීඩාවෙන් ඉවත් වෙලා ඉන්න ඕනේ” නඩාල් කීවේය.
පසුගිය ජනවාරි මාසයේදී ඕස්ටේ්‍රලියානු විවෘත ශූරතාවලියේදී උකුල් අස්ථියේ ආබාධයකට ලක්වූ නඩාල් එතැන් සිට තවමත් ක්‍රීඩා කර නැත. එහි දෙවැනි වටයේදී එක්සත් ජනපදයේ මැකෙන්සි මැක්ඩොනල්ඩ් වෙතින් නඩාල් පරාජය විය. එතැන් සිට ප්‍රධාන පෙළේ ටෙනිස් තරගාවලි කිහිපයකින්ම ඈත්ව සිටීමට නඩාල්ට සිදුවිය.
පසුගිය වසරේ ජූනි මාසයේදී ප්‍රංශ විවෘත ශූරතාවලිය ජයගත් නමුත් විම්බල්ඩන් ශූරතාව ඔහුට මඟහැරී ගියේය. වසර 2005 දී පළමු වතාවට ප්‍රංශ විවෘත ශූරතාවලියට සහභාගි වූ දා පටන්, ජයග්‍රහණ 112 ක් ලබා ඇති නඩාල් ප්‍රංශ විවෘත තරගාවලියේදී පරාජය වී ඇත්තේ තුන් වතාවක් පමණි. එයින් පරාජයන් දෙකක්ම උරුම කරදුන් සර්බියාවේ නොවැක් ජොකොවික්, ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 22 ක් දිනාගනිමින් නඩාල් සමගින් සම වාර්තාවට හිමිකම් කියන්නාය.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.