Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සුපිරි ක්‍රීඩක රෆායල් නඩාල් මෙවර අමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියෙන් වේලාසනින්ම ඉවතට විසි කරමින් පෙරළිකාර ක්‍රීඩකයා බවට පත්වූයේ ප්‍රංශයේ ලූකාස් පොයිලිය. පොයිලිට එරෙහිව පැවැති අවසන් පූර්ව තරගය ලකුණු 6-4, 6-3 ක් සහ 6-3 කින් ජයගත් ප්‍රංශයේහිම ගයිල් මොන්ෆිල්ස් වසර අටකට පසුව ග්‍රෑන්ඞ් ස්ලෑම් ටෙනිස් තරගාවලියක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ඊයේ (6) සමත්විය.
ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල 10 වැනි තැන පසුවන මොන්ෆිල්ස් අවසන් වතාවට ග්‍රෑන්ඞ් ස්ලෑම් තරගාවලියක අවසන් පූර්ව වටයට පිවිසියේ 2008 ප්‍රංශ විවෘත තරගාවලියේදීය. ඉන් පසුව ඊයේ වනතුරු ග්‍රෑන්ඞ් ස්ලෑම් තරගාවලි 6 කදී අර්ධ අවසන් පූර්ව වටයෙන් ඔබ්බට යාමට ඔහු සමත්වූයේ නැත.
පසුගිය සතියේ සිය 30 වැනි උපන්දිනය සැමරූ මොන්ෆිල්ස් ඊයේ වනතුරු කිසිදු ප්‍රතිවාදියකුට ඔහුට එරෙහිව තරගයක් තියා තරග වටයක්වත් ජයගැනීමට ඉඩ නොදීමට පරෙස්සම් විය. එබැවින් ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකෝවික් සහ තවත් ප්‍රංශ කාරයකු වන විල්ෆ්‍රඞ් සොංගා අතර අද පැවැත්වීමට නියමිත තරගයෙන් අවසන් පූර්ව වටයට පිවිසෙන ප්‍රතිවාදියාට මොන්ෆිල්ස්ගෙන් ලෙහෙසි වන්නේ නැති බව නම් හොඳටෝම විශ්වාසය.
නඩාල්ට දුක්බර සමුගැනීමක් උදාකළ පෙරළිකාර ක්‍රීඩක 22 හැවිරිදි පොයිලිට කිසිම ආකාරයක බුරුලක් නොදුන් මොන්ෆිල්ස් ඊයේ තරගයේ ලැබූ ජයග්‍රහණය තවත් පැත්තකින් බැලූ විට වසර 89 කට පසුව අමෙරිකාවේ දී පැවැති ටෙනිස් තරගාවලියක ප්‍රංශ කාරයන් තිදෙනකුම අවසන් අට දෙනා අතරට පිවිසි අවස්ථාවකි.
මේ ප්‍රංශකාරයන් තිදෙනා විචාරකයන් විසින් “ත්‍රී මස්කටියර්ස්” නමින් හැඳින්වුයේ ශ්‍රේෂ්ඨ ලේඛක ඇලෙක්සැන්ඩන්ඩර් ඩූමා 16 වැනි සියවසේ මුල් භාගයේදී ලියු ත්‍රී මස්කටියර්ස් ඓතිහාසික නවකතාවද සිහිගන්වමිනි.
අමෙරිකාවේ පැවැති ටෙනිස් තරගාවලියක මෙතරම් දුරට ප්‍රංශ කාරයන් තිදෙනකුම පැමිණ ඇත්තේ 1927 පැවැති එක්සත් ජනපද ටෙනිස් ශූරතාවලියේදීය. එවර රෙනී ලොකෙස්ටේ, ජීන් බොරෝට්‍රා සහ ජැක් බෘග්නන් අන්තිම අටට සුදුුසුකම් ලබා ඇති අතර ලොකෙස්ටේ ශූරතාවෙන් මෙහා නැවතුණේ නැත. එවර තවත් ප්‍රංශ කාරයකු වන හෙන්රි කෝචෙක් ද තරගාවලියට මුල දී එක්වි සිටි බැවින් එදා ඔවුන්ට කීවේ ෆෝ මස්කටියර්ස් කියාය.
එහෙත් අර්ධ අවසන් පූර්ව වටයේ අද පැවැත්වෙන තරගයේදී තවත් ප්‍රංශ කාරයකුට අන්තිම හතරට යාමේ දොරටුව නම් ජොකෝවික් හැර දෙනු ඇතැයි සිතීම නම් තරමක් අපහසුය. ඒ කෙසේවෙතත් සොංගාත් ලෙහෙසි පහසු ක්‍රීඩකයකු නොවන බැවින් ජොකෝවික්ට සෑහෙන කරදරකාරයකු බවට පත්වනු ඇති බව නම් ඉඳුරාම කිව හැකිය.
- 077
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.