Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කාන්තා සංස්කරණයට පියවරක් තබමින් මුම්බායිහී වන්කඬේ ක්‍රීඩාංගණයේදී අද (22 වැනිදා) පැවැති ප්‍රදර්ශන තරගය කඩුලු 3 කින් ජයගැනීමට සුපර්නෝවාස් කණ්ඩායම සමත්විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 130 ක ඉලක්කයක් හඹාගිය සුපර්නෝවාස් කණ්ඩායම අවසන් පන්දුවේදී කඩුලු 7 ක් දැවී ජයග්‍රහණය තහවුරු කරගැනීමට සමත්විය.
ඩැනියල් වයිට් ලකුණු 24 ක්, මිතිලා රාජ් ලකුණු 22 ක් සහ හර්මන්ප්‍රීට් කෞර් ලකුණු 21 ක් රැස්කරමින් සුපර්නෝවාස් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට දායකවූහ.
ට්‍රේල්බ්ලේසර්ස් කණ්ඩායමේ නායිකාව පන්දු යවන්නියන් අට දෙනෙකු යොදා ගත්තද සුපර්නෝවාස් කණ්ඩායමේ ජයග්‍රහණය වැළකීමට ඇය අපොහොසත් වූවාය. පූනම් යාදව් සිය ඕවර 4 ලකුණු 21 කට සීමාකරමින් කඩුලු 2 ක් දවාගැනීමට සමත්වූ අතර සූසී බේට්ස් සිය ඕවර 3 තුළඳී ලකුණු 16 ක් ලබාදෙමින් කඩුලු 2 ක් දවාගත්තාය.
ලකුණු 32 ක් රැස්කරමින් පිත්තෙන්ද සහ කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ සූසී බේට්ස් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත්තාය.
කාසියේ වාසිය දිනාගත් සුපර්නෝවාස් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සදහා ටේ්‍රල්බ්ලේසර්ස් කණ්ඩායමට ආරාධනා කළ අතර නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 129 ක් රැස්කිරීමට ඔවුන් සමත්වූහ.
පන්දු 37 කදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු 32 ක් රැස්කරමින් ට්‍රේල්බ්ලේසර්ස් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ ක්‍රීඩිකාව බවට පත්වීමට සුසී බේට්ස් සමත් වූවාය. දීප්ති ශර්මා ලකුණු 21 ක් සහ ජෙමීමා රොඞ්්‍රගුවස් ලකුණු 25 ක් රැස්කරමින් ට්‍රේල්බ්ලේසර්ස් කණ්ඩායමේ ලකුණු පුවරුව ඉහළ දැමීමට සමත්වූහ.
පන්දුවෙන් දස්කම් දැක්වූ මේගන් ෂූට් සිය ඕවර 4 ලකුණු 18 කට සිමාකරමින් කඩුලු 2 ක් දවාගත් අතර එලිස් පෙරී ඕවර 3 ක් යවමින් ලකුණු 20 කට කඩුලු 2 ක් දවාගත්තාය.
ඉන්දිය විස්සයි20 කාන්තා කණ්ඩායමේ නායිකාව වූ හර්මන්ප්‍රීට් කෞර් අද පැවැති ප්‍රදර්ශණ තරගයේදී සුපර්නෝවාස් කණ්ඩායම මෙහෙයවනු ලැබූ අතර ඉන්දිය විස්සයි20 කාන්තා කණ්ඩායමේ උපනායිකාව ලෙස කටයුතු කරන ස්ම්‍රිට් මංධනා ට්‍රේල්බ්ලේසර්ස් කණ්ඩායම මෙහෙය වූවාය.
එක් කණ්ඩායමකට පස්දෙනා බැගින් නවසීලන්ත, ඕසට්‍රේලියානු සහ එංගලන්ත යන රටවලින් ක්‍රීඩිකාවන් අද පැවැති ප්‍රදර්ශණ තරගයට සහභාගී වුහ.
අද පැවැති තරගය ප්‍රදර්ශන තරගයක් බැවින් එක් කණ්ඩායමකට ක්‍රීඩිකාවන් 13 දෙනෙකු යොදා ගත්තද පන්දුවට පහරදීමට සහ පන්දු රැකීමට අවස්ථාව හිමිවූයේ ක්‍රීඩිකාවන් 11 දෙනෙකුට පමණි.
ට්‍රේල්බ්ලේසර්ස් - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 129
(සූසී බේට්ස් 32, දීප්ති ශර්මා 21, ජෙමීමා රොඩ්‍ර්ගුවස් 25, මේගන් ෂූට් 18/2, එලිස් පෙරී 20/2)
සුපර්නෝවාස් - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 130
(ඩැනියල් වයිට් 24, මිතිලා රාජ් 22, හර්මන්ප්‍රීට් කෞර් 21, සූසී බේට්ස් 16/2, පූනම් යාදව් 21/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.