Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ප්‍රධාන කාණ්ඩයේ අනුශූරතාව ඉෂාන්ට

ප්‍රධාන කාණ්ඩයේ අනුශූරතාව ඉෂාන්ට

Nisanka Sandeepani - 2017 නොවැ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියවේ පූනේ නගරයේදී පැවැති ‘පූනේ සුපර්ක්‍රොස්’ ජාත්‍යන්තර යතුරුපැදි තරගාවලියේ ප්‍රධානම කාණ්ඩය වූ එස්. එක්ස්. කාණ්ඩයේ අනු ශූරතාව හිමිකර ගැනීමට ජාතික යතුරුපැදි ශූර ඉෂාන් දසනායක සමත් විය. 

පී.බී. රේසිං කණ්ඩායම නියෝජනය කරමින් තරගාවලියට සහභාගි වූ ඉෂාන් එහිදී රන් පදක්කමක්, රිදී පදක්කම් 4 ක් සහ ලෝකඩ පදක්කමක් දිනාගනිමින් එස්. එක්ස්. කාණ්ඩයේ අනු ශූරතාවට හිමිකම් කීවේය. 

තරගාවලිය පුරා ඔහු සමග කරට කර සටනක නිතර වූ අයි.එන්.කේ. රේසිං කණ්ඩායමේ හරිත් නෝවා (ඉන්දියාව) රන් පදක්කම් 5 ක් සහ ලෝකඩ පදක්කමක් සමගින් එම කාණ්ඩයේ ශූරතාව දිනා ගත්තේය. 

එස්. එක්ස්. කාණ්ඩයේ ශූරතාව දිනාගත් හරිත් නෝවා සහ අනු ශූරතාව හිමිකරගත් ඉෂාන් දසනායක අතර පරතරය ලකුණු 12 ක් ලෙස සටහන් වූ අතර තරගාවලියේ අවසානයේ නෝවා ලකුණු 115 ක්ද, ඉෂාන් ලකුණු 103 ක්ද ලබා සිටියහ. 

එම කාණ්ඩය යටතේ තරග වැදුණ මෙටර හිටපු ජාතික මොටොක්‍රොස් ශූරයකු වන ගයාන් සඳරුවන් සමස්ත ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයට පත් විය. ‘ටීම් ග්‍රීෂ්ම්’ කණ්ඩායම නියෝජනය කරමින් තරගාවලියට එක්වූ ඔහු තෙවැනි ස්ථාන 2 ක්, සිව්වැනි ස්ථානයක් සහ පස්වැනි ස්ථාන 3 ක් සමග ලකුණු 76 ක් ලබාගමින් ලෝකඩ පදක්කම් 2 කටද හිමිකම් කීවේය. 

එහිදී ලාබාල තරගකරුවන් සඳහා එස්. එක්ස්. ජේ. කාණ්ඩය යටතේ තරග පැවැති අතර ලකුණු 85 ක් ලබාගත් ශ්‍රී ලංකාවේ ඩී.එම්.ඩී. කල්හාර එම කාණ්ඩයේ තෙවැනි ස්ථානයට පත්විය. පළමු තරග 5 දී රිදී පදක්කම් 5 ක් දිනාගත් ඔහුට ධාවන පථය තුළදී අනතුරකට ලක්වීම නිසා අවසන් තරගය නිමා කිරීමට නොහැකි විය. කල්හාර ‘ටීම් ග්‍රීෂ්ම්’ කණ්ඩායම නියෝජනය කරමින් තරගාවලියට එක්ව සිටියේය. 

මෙම තරගාවලිය සඳහා ඉන්දීය යතුරුපැදිකරුවෝ 55 දෙනෙක් සහ විදෙස් යතුරුපැදිකරුවෝ 9 දෙනෙක් සහභාගි වූහ. එහිදී ඔවුන් පී.බී. රේසිං, ටීම් ග්‍රීෂ්ම්, අයි.එන්.කේ. රේසිං, ලිලේරියා මොටෝක්‍රොස්, පශන්කර් රේසිං, ස්ටැලියන් රයිඩර්ස්, භල්ලා රෝයල් යන කණ්ඩායම් 7 නියෝජනය කරමින් තරග වැදිණ. 

තරගාවලියේ කණ්ඩායම් ශූරතාව දිනාගැනීමට මුලු ලකුණු 438 ක් ලබාගත් ස්ටැලියන් රයිඩර්ස් කණ්ඩායම සමත් වූ අතර ලකුණු 424 ක් ලබාගත් ටීම් ග්‍රීෂ්ම් කණ්ඩායම එහි දෙවැනි ස්ථානයටද, ලකුණු 414 ක් ලබාගත් භල්ලා රෝයල් කණ්ඩායම එහි තෙවැනි ස්ථානයටද පත්වූහ.  


අදහස් (0)

ප්‍රධාන කාණ්ඩයේ අනුශූරතාව ඉෂාන්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.