Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ප්‍රවීන් ජයවික්‍රමට තරග තහනමක්

ප්‍රවීන් ජයවික්‍රමට තරග තහනමක්

editorial - 2024 ඔක් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට වසරක තරග තහනමක් පනවා එය මාස හයකට අත්හිටුවීමට අන්තර් ජාතික ක්‍රිකට් සභාව පියවර ගෙන තිබේ. ඒ අනුව ඔහුට මාස හයක කාලයක් යන තුරු කිසිදු ආකෘතියක ක්‍රිකට් තරගයක් සඳහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවනු ඇත. 

ලංකා ප්‍රිමීයර් ලීග් තරගාවලිය අතුරතුර අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ විරෝධී නීති සංග්‍රහයේ 2.4.7 වගන්තිය උල්ලංඝනය කළ බව පිළිගැනීම හේතුවෙන් ප්‍රවීන්ට එරෙහිව මෙම තරග තහනම පනවා ඇති අතර ඔහු එම තරග තහනම පිළිගෙන තිබේ.  

විසිහය හැවිරිදි වමතින් දඟ පන්දු යවන ක්‍රීඩකයකු වන ප්‍රවීන්, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ටෙස්ට් තරග 5 කට, එක්දින තරග 5 කට සහ විස්සයි-20 තරග 5 කට ක්‍රීඩා කර ඇති අතර එහිදී ටෙස්ට් කඩුලු 25 ක්, එක්දින කඩුලු 5 ක් සහ විස්සයි-20 කඩුලු 2 ක් බිඳහෙළීමට සමත් ඇත. 

“විමර්ශනයකට අදාළ විය හැකි, සාක්ෂි විය හැකි, සාක්ෂි සොයා ගැනීමට හේතු විය හැකි ලේඛන හෝ වෙනත් තොරතුරු සැඟවීම, විකෘති කිරීම හෝ විනාශ කිරීම ඇතුළුව අන්තර් ජාතික ක්‍රිකට් සභාව විසින් සිදු කරනු ලබන ඕනෑම පරීක්ෂණයකට බාධා කිරීම හෝ ප්‍රමාද කිරීම.” දූෂණ විරෝධී නීති සංග්‍රහයේ 2.4.7 වගන්තියට අයත් වේ. 

ප්‍රවීන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය හා සම්බන්ධ බැවින් මෙම විමර්ශනයේදී අන්තර් ජාතික ක්‍රිකට් සභාව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග එකඟතාවකට පැමිණ නීති සංග්‍රහයේ 1.7.4.1 සහ 1.8.1 යන වගන්ති වලට අනුව මෙම තරග තහනම පනවා ඇත. 

 


අදහස් (0)

ප්‍රවීන් ජයවික්‍රමට තරග තහනමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.