Last Update  :  2025-01-14 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ප්‍රවීන් ජයවික්‍රමටත් අයි.සී.සී.යෙන් චෝදනා
තරග පාවාදීම්

ප්‍රවීන් ජයවික්‍රමටත් අයි.සී.සී.යෙන් චෝදනා

editorial - 2024 අගෝ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ක්‍රිකට් ක්‍රීඩාවේදී ඇතිවිය හැකි දූෂණ වළක්වාලීම සම්බන්ධයෙන් පනවා තිබෙන නීතිරීති උල්ලංඝණය කර ඇතැයි අන්තර්ජාතික ක්‍රිකට් සභාව, ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට චෝදනා කරයි. ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා තුනක් ඉදිරිපත් වී තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් තරග සහ 2021 එල්.පී.එල්. තරගාවලියේදී සිදුවූ ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් මෙම චෝදනා එල්ල වී තිබේ. 

ඔහුට චෝදනා එල්ලවී තිබෙන වගන්ති පහත පරිදි වේ.

2.4.4 වගන්තිය - තරඟ පාවාදීමේ අවස්ථාවක් සම්බන්ධයෙන් ඔහු වෙතට ලැබුණු ප්‍රවේශයක් පිළිබඳ විස්තර, අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව දූෂණ විරෝධී ඒකකයට වාර්තා කිරීමට අපොහොසත් වීම 

2.4.4 වගන්තිය - 2021 ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) තරඟාවලියේදී, දූෂිතයෙකු වෙනුවෙන් වෙනත් ක්‍රීඩකයෙකු සම්බන්ධ කරගැනීමට උත්සාහ කළ අවස්ථාවක් පිළිබඳ අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව දූෂණ මර්දන ඒකකයට වාර්තා නොකිරීම.

2.4.7 වගන්තිය - දූෂිත හැසිරීම් වල නියැලීමට අනුබල දෙන ප්‍රවේශ සහ යෝජනා සම්බන්ධයෙන් එවන ලද කෙටි පණිවිඩ දුරකතනයෙන් මකා දැමීමෙන් විමර්ශන වලට බාධා කිරීම.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ අන්තර්ජාතික ක්‍රිකට් සභාව අතර පවතින එකඟතාව වන්නේ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී සහ අන්තර්ජාතික තරග සම්බන්ධයෙන් අදාළ වන මෙම සිදුවීම් පිළිබඳව අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් ගනු ලබන සියලුම පියවර සඳහා සහයෝගය දැක්වීමයි. 

අදාළ චෝදනාවලට ප්‍රතිචාර දැක්වීම සඳහා 2024 අගෝස්තු මස 6 වැනිදා සිට දින 14 ක කාලයක් ප්‍රවීන් ජයවික්‍රමට තිබේ. කෙසේ වෙතත් ජයවික්‍රමට අදාළ චෝදනා සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව වැඩිදුර අදහස් දැක්වීමෙන් වැළකී සිටිනු ඇත. 

වසර 2021 දී, බංග්ලාදේශ පිලට එරෙහිව පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී ටෙස්ට් බෞතීස්මය ලද ප්‍රවීන් ජයවික්‍රම එම තරගයේදීම කඩුලු 11 ක් දවාගනිමින් සුවිශේෂී වාර්තාවකට හිමිකම් කීවේය. මේ දක්වා ටෙස්ට් තරග 5 කදී කඩුලු 25 ක් දවාගෙන සිටින ප්‍රවීන් ජයවික්‍රම, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්දින අන්තර්ජාතික තරග 5 කට සහ විස්සයි-20 අන්තර්ජාතික තරග 5 කට ද ක්‍රීඩා කර තිබේ. 

2021 එල්.පී.එල්. තරගාවලයේ ශූරතාව දිනාගත් යාපනය කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ප්‍රවීන් ජයවික්‍රම ක්‍රීඩා කළේය. 


අදහස් (0)

ප්‍රවීන් ජයවික්‍රමටත් අයි.සී.සී.යෙන් චෝදනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.