Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමය සංවිධානය කරන ප්‍රින්ටර්ස් සික්සස් -2025 වාර්ෂික ක්‍රිකට් සැණකෙළිය හෙට (29 වැනිදා) පෙරවරු 7.00 සිට කොළඹ එන්.සී.සී.ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ඒ සදහා දේශීය මුද්‍රණ කේෂ්ත්‍රයට සම්බන්ධ පිරිමි කණ්ඩායම් 54 ක් සහභාගිවීමට නියමිතය. කාන්තා තරගාවලියක්ද පැවැත්වෙන අතර ඊට එක්ව සිටින කණ්ඩායම් ගණන 10 කි.
පිරිමි ඉසව්වේ ශූරයන්ට රුපියල් ලක්ෂයක්ද හා අනුශූරයන්ට රුපියල් 50,000 ක්ද ප්‍රදානය කෙරේ. තරගාවලියේ වීරයා ඇතුළුව දක්ෂතම ක්‍රීඩකයන්ට විශේෂ මුදල් ත්‍යාග රැසක්ද ප්‍රදානය කෙරේ. කාන්‍තා තරගාවලියේ ශූරියන්ට රුපියල් 25,000 ක් හා අනුශූරියන්ට රුපියල් 15,000 ක්ද තිළිණ කිරීමට කටයුතු යොදා තිබේ.
තරග ව්‍යාපෘති සභාපති උදය හෙට්ටිආරච්චි මහතා පැවැසුවේ මෙවර කාන්තා හා පිරිමි කණ්ඩායම් 64 ක් තරගාවලියට සහභාගි වීමෙන් ඊට මෙරට මුද්‍රණ කේෂ්ත්‍රයෙන් ලැබී තිබෙන ප්‍රතිචාරය ඉතා ඉහළ අගයක් ගෙන තිබෙන බවයි. ඊට දායකත්වය දැක්වූ මුද්‍රණකරුවන්ගේ සංගමයේ සභාපති ඇතුළු සියළු පාර්ශව වෙත සිය ස්තුතිය පුදකරන බවත් එහිදී ඔහු පැවසීය.
මෙම තරගාවලිය විනෝදාංශ රැසකින් සමන්විත, සැණකෙළියක ස්වරූපයෙන් පැවැත්වීමට සංවිධායකයන් කටයුතු යොදා තිබේ.
ඇඩ්වාන්ස් ප්‍රින්ටින් ටෙක්නොලජීස්, ඇඩ්වාන්ස් ඩිජිටල් ග්‍රැෆික් ප්‍රධාන ෆූජි ෆිල්ම් රිවොරියා, කලර්කෝමා, ෆ්ලෙක්සි ප්‍රින්ට්, ප්‍රින්ට් යූ.එස්.ඒ, ජේ.ඩ්.සී.ප්‍රින්ටින් ටෙක්නොලජීස්, ජේ.එෆ්.සහ අයි.පැකේජින්, සවින්ද ග්‍රැෆික් සිස්ටම් යන ආයතන මෙම තරගාවලියේ අනුග්‍රාහකයෝ ලෙසින් කටයුතු කරති.
එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස් සිලෝන් ආයතනය හා විජය පුවත්පත් සමාගම තරගාවලියේ නිල මාධ්‍ය අනුග්‍රාහකයන් ලෙස කටයුතු කරයි.
විජය ‘ඒ’ කණ්ඩායම
දර්ශන සංජීව (නායකයා), තිළිණ දිල්හාන්, චතුරංග දේවප්‍රිය, සම්පත් කුමාර, ෂේනියන් ප්‍රනාන්දුපුල්ලේ, කුමාර සෙනෙවිරත්න, ජේ.සී. ධනංජය සහ ජී.එස්. ලක්මාල්
විජය ‘බී’ කණ්ඩායම
ඉෂාන් චතුර (නායකයා), රොමේෂ් ලසන්ත, අශාන් ලක්ෂිත, ආර්. පී. වසන්ත, ළහිරු ගිම්හාන, එම්.එම්.පී. ශාන්, දුෂාන් මධුශංක සහ දුමින්ද පුෂ්පකුමාර,
විජය කාන්තා කණ්ඩායම
අනුජා කුමාරතුංග (නායිකාව), චින්තා මනෝරි, කජානි මහාලිංගම්, උදාරි රාජපක්‍ෂ, දෙවින්ද්‍රි පීරිස්, රේණුකා සිවප්‍රගාසම්, නුස්ලා රිස්කියා සහ ලසන්ති පෙරේරා
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.