Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාකිස්තානය සහ අයර්ලන්තය අතර ඩබ්ලින්හිදී පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 5 ක ජයක් අත්කර ගැනීමට පාකිස්තානය අද (15 වැනිදා) සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 160 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තානය කඩුලු 5 ක් පමණක් දැවී එම ඉලක්කයක සපුරාගත්හ.
ජයග්‍රහණය හඹායෑමේදී ලකුණු 14 කට කඩුලු 3 ක් බිඳ වැටී අසරණ තත්වයකට පත්ව සිටි පාකිස්තාන කණ්ඩායම, එම තත්වයෙන් මුදවාගත් ඉම්මාම් උල් හක් (නොදැවී 74) සහ බාබර් අසාම් (59) සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 126 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ. ඉමාම්ගේ මංගල ටෙස්ට් අර්ධ ශතකයට හතරේ පහර 8 ක් ඇතුළත් වූ අතර අසාම්ගේ 5 වැනි අර්ධ ශතකයද හතරේ පහර 8 කින් සමන්විත විය.
පෝල් ස්ටයර්ලින්ගේ සහායද ඇතිව අසාර් අලී (02) දවාගත් ටිම් මර්ටැග්, අසාද් ශෆීක්ගේ (01) කඩුල්ලද බිඳ දමමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය. බොයිඞ් රැන්කින්ගේ පන්දුවක් හමුවේ එඞ් ජෝයිස් අතට උඩ පන්දුවක් දෙමින් හාරිස් සොහේල් ලකුණු 7 කට දැවී ගියේය. ලකුණු 8 ක් ලබා සිටියදී නායක සර්ෆරාස් අහමඞ් දැවී ගියේ ස්ටුවට් තොම්සන්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමිනි.
සිවුවැනි දිනය වූ ඊයේ (14 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 7 ක් දැවී ලකුණු 319 ක් ලබා සිටි අයර්ලන්ත කණ්ඩායමට අද දිනයේදී සිය දෙවැනි ඉනිමට අලුතින් එක්කරගත හැකි වූයේ තවත් ලකුණු 20 ක් පමණි. ඊයේ දිනයේදී අයර්ලන්තය වෙනුවෙන් ශතකයක් ලබාගත් පළමු ක්‍රීඩකයා බවට පත්වූ කෙවින් ඕ’බ්‍රයන් අද දිනයේදී මුහුණදුන් පළමු පන්දුවේදීම දැවී ගියේ මොහොමඞ් අබ්බාස් යැවූ පන්දුවක් හමුවේ හාරිස් සොහේල් අතට උඩ පන්දුවක් දෙමිනි.
ඉන් නොනැවතුන අබ්බාස්, ටිරෝන් කේන්ගේ (14) සහ බොයිඞ් රෑන්කින්ගේ (06) කඩුලුද බිඳ දමමින් ටෙස්ට් තරගයක ඉනිමකදී සිය දෙවැනි හොඳම පන්දු යැවීම (66/5) වාර්තා කළේය. අයර්ලන්ත දෙවැනි ඉනිම නිමා කිරීම සඳහා අබ්බාස්ට අනගි සහායක් දුන් මොහොමඞ් අමීර් ලකුණු 63 කට කඩුලු 3 ක් දවාගත්තේය. මෙම තරගයේදී අමීර් දවාගත් 3 වැනි කඩුල්ල ඔහුගේ 100 වැනි ටෙස්ට් කඩුල්ලද විය.
පාකිස්තාන පළමු ඉනිම - කඩුලු 9 ක් දැවී 310
(හාරිස් සොහේල් 31, අසාද් ශෆීක් 62, සර්ෆරාස් අහමඞ් 20, ශඩාබ් ඛාන් 55, ෆාහීම් අෂ්රෆ් 83, ටිම් මර්ටැග් 45/4, ස්ටුවට් තොම්සන් 62/3, බොයිඩ් රැන්කින් 75/2)
අයර්ලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 130
(කෙවින් ඕ’බ්‍රයන් 40, ගැරී විල්සන් නොදැවී 33, මොහොමඞ් අබ්බාස් 44/4, ශඩාබ් ඛාන් 31/3, මොහොමඞ් අමීර් 9/2)
අයර්ලන්ත දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 339
(එඞ් ජෝයිස් 43, විලියම් පොටර්ෆීල්ඞ් 32, කෙවින් ඕ’බ්‍රයන් 118, ස්ටුවට් තොම්සන් 53, මොහොමඞ් අබ්බාස් 66/5, මොහොමඞ් අමීර් 63/3)
පාකිස්තාන දෙවැනි ඉනිම - කඩුලු 5 ක් දැවී 160
(ඉමාම් උල් හක් නොදැවී 74, බාබර් අසාම් 59, ටිම් මර්ටැග් 55/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.