Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වේග පන්දු යවන්නන්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ එංගලන්ත කණ්ඩායමට එරෙහිව ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 9 ක ජයක් වාර්තා කිරීමට සංචාරක පාකිස්තාක කණ්ඩායම සමත් විය.
තරගයේ සිවුවැනි දිනය වූ අද (27 වැනිදා) ජයග්‍රහණය සඳහා ලකුණු 63 ක ඉලක්කයක් හඹා ගිය පාකිස්තාන කණ්ඩායම කඩුල්ලක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය. ආරම්භක පිතිකරු ඉමාම් උල් හක් (නොදැවී 18) සහ හාරිස් සොහේල් (නොදැවී 39) එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 54 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් පාකිස්තාන කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.
පාකිස්තාන කණ්ඩායමේ බිඳවැටුණ එකම කඩුල්ලට හිමිකම් කීමට ජේම්ස් ඇන්ඩසන් සමත් වූ අතර ඔහුගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් දැවීයන විට ආරම්භක පිතිකරු අසාර් අලී ලබා සිටියේ ලකුණු 4 ක් පමණි.
එංගලන්ත කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 242 කට සීමා කිරීමට මොහොමඞ් අමීර් සහ මොහොමඞ් අබ්බාස් ප්‍රමුඛ පාකිස්තාන පන්දු යවන්නෝ සමත් වූහ. දක්ෂ පන්දු යැවීමක නිරත වූ අමීර් සහ අබ්බාස් කඩුලු 4 බැගින් බිඳ දමමින් එංගලන්ත දෙවැනි ඉනිම සුනුවිසුණු කර දැමූහ.
ලකුණු 67 ක් ලබා සිටි ජොස් බට්ලර්, දිනයේ පළමු කඩුල්ල ලෙස දැවී ගියේ මොහොමඩම් අබ්බාස්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමිනි. එම දැවීයාමත් සමග එංගලන්ත ඉනිමේ හත්වැනි කඩුල්ල වෙනුවෙන් බට්ලර් සහ ඩොමිනික් බේස් (57) අතර පැවැති ලකුණු 126 ක සම්බන්ධතාවද නිමාවට පත් විය.
මංගල ටෙස්ට් තරගයේදීම අර්ධ ශතකයක් ලබාගත් ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවට ඇතුළත් වීමට ඩොමිනික් බේස් සමත් වූ අතර ඔහුගේ ඉනිම හතරේ පහර 8 කින් සමන්විත විය. කලකට පසු එංගලන්තය ටෙස්ට් කණ්ඩායමට කැඳවීම් ලැබූ බට්ලර්, හතරේ පහර 6 ක් සමග සිය 6 වැනි ටෙස්ට් අර්ධ ශතකය ලබාගත්තේ 48.55 ක ලකුණු රැස්කිරීමේ වේගයක් රඳවා ගනිමිනි.
ආරම්භක පිතිකරුවන් දෙදෙනාද සමගින් පිතිකරුවන් හය දෙනෙක්ම ලකුණු 10 සීමාව පසුකර යෑමටත් මත්තෙන් දැවීයෑම එංගලන්ත කණ්ඩායමට විශාල පාඩුවක් විය.
එංගලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 184
(ඇලිස්ටෙයාර් කුක් 70, ජොනි බෙයාස්ට්‍රෝ 27, බෙන් ස්ටෝක්ස් 38, මොහොමඞ් අබ්බාස් 23/4, හසන් අලී 51/4)
පාකිස්තාන පළමු ඉනිම - සියලු දෙනා දැවී 363
(අසාර් අලී 50, හාරිස් සොහේල් 39, අසාද් ශෆීක් 59, බාබර් අසාම් 68, ශඩාබ් ඛාන් 52, ෆාහීම් අෂ්රෆ් 37, මොහොමඞ් අමීර් නොදැවී 24, බෙන් ස්ටෝක්ස් 73/3, ජේම්ස් ඇන්ඩසන් 82/3, මාර්ක් වුඞ් 74/2)
එංගලන්ත දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 242
(ජෝ රූට් 68, ජොස් බට්ලර් නොදැවී 67, ඩොමිනික් බේස් 57, මොහොමඞ් අමීර් 35/2, මොහොමඞ් අබ්බාස් 36/4, මොහොමඞ් අමීර් 41/4, ශඩාබ් ඛාන් 63/2)
පාකිස්ත දෙවැනි ඉනිම - කඩුල්ලක් දැවී 66
(ඉමාම් උල් හක් නොදැවී 18, හාරිස් සොහේල් නොදැවී 39)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.