Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාකිස්තානයට 2-0 ක තරගාවලි ජයක්

පාකිස්තානයට 2-0 ක තරගාවලි ජයක්

ශනුක අරවින්ද - 2018 ජුනි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ස්කොට්ලන්තයට එරෙහිව එඩින්බරෝහිදී ඊයේ (13 වැනිදා) පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් ලකුණු 84 ක ජයක් වාර්තා කළ පාකිස්තාන කණ්ඩායම, දෙරට අතර පැවැති තරග දෙකකින් සමන්විත විස්සයි20 තරගාවලිය 2-0 ක් ලෙස ජයගැනීමට සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 167 ක ඉලක්කයක් හඹාගිය ස්කොට්ලන්ත කණ්ඩායම ඕවර 14.4 අවසානයේ ලකුණු 82 කට සීමා කිරීමට ෆහීම් අෂ්රෆ් ප්‍රමුඛ පාකිස්තාන පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී පිතිකරුවන් 7 දෙනෙක්ම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමටත් පෙර දැවී යෑම ස්කොට්ලන්තයට විශාල පාඩුවක් විය.

දක්ෂ පන්දු යැවීමක නිතර වූ අෂ්රෆ් ලකුණු 6 කට කඩුලු 3 ක් දවාගත් අතර ස්කොට්ලන්ත කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා ඔහුට අනගි සහයක් දුන් උස්මාන් ඛාන් ලකුණු 4 කට කඩුලු 2 ක් බිඳහෙළීය. ෆකාර් සමාන්, ෂඩාබ් ඛාන් සහ උස්මාන් ඛාන් දුවද්දී දවාගැනීම් 3 කට දායක වෙමින්ද ස්කොට්ලන්ත ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා සිය දායකත්වය සැපයූහ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 166 ක් රැස්කළ අතර එහිදී වේගවත් පිතිහරඹයක නිතර වූ ෂොයිබ් මලික් පන්දු 22 කදී නොදැවී ලකුණු 49 ක් රැස්කළේ හයේ පහර 5 ක් සහ හතරේ පහරක් සමගිනි.

ෆකාර් සමාන් (33) සහ අහමඞ් ශේෂාඞ් (24) එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 44 කදී ලකුණු 60 ක සම්බන්ධතාවක් ගොඩනගමින් පාකිස්තාන කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ. පන්දු 25 කදී වාර්තා වූ සමාන්ගේ ඉනිමට හතරේ පහර 6 ක් ඇතුළත් වූ අතර පන්දු 22 කදී වාර්තා වූ ශේෂාඞ්ගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහරකින් සමන්විත විය.

පාකිස්තානය - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 166
(ෆකාර් සමාන් 33, අහමඞ් ශේෂාඞ් 24, හුසේන් ටලාට් 17, ෂෙයිබ් මලික් නොදැවී 49, ෂඩාබ් ඛාන් 17, මයිකල් ලීසක් 31/3)

ස්කොට්ලන්තය - ඕවර 14.4 කදී සියලු දෙනා දැවී 82
(රචී බෙරින්ටන් 20, කැලම් මැක්ලියෝඞ් 26, ෆාහීම් අෂ්රෆ් 6/3, උස්මාන් ඛාන් 4/2)

-036

 


අදහස් (0)

පාකිස්තානයට 2-0 ක තරගාවලි ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.