Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉමාම් උල්හක්ගේ (128) අගනා ශතක හමුවේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව බුලවායෝහිදී ඊයේ (13 වැනිදා) පැවැති පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 201 ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට සංචාරක පාකිස්තාන කණ්ඩායම සමත් විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 308 ක් ලබාගත් අතර එහිදී පාකිස්තාන ඉනිමේ කොඳු නාරටිය බවට පත් වූ ඉමාම් උල්හක් පන්දු 134 කදී ලකුණු 128 ක් රැස්කළේ හතරේ පහර 11 ක් සමගිනි.
ෆකාර් සමාන් (60) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 146 කදී ලකුණු 113 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ඉමාම්, ඉන් නොනැවතී බාබර් අසාම් (30) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 59 ක්ද, ශොයිබ් මලික් (22) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 63 ක්ද එක්කරමින් පාකිස්තාන කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.
පන්දු 70 කට මුහුණදුන් ෆකාර් හතරේ පහර 7 කින් සිය අර්ධ ශතකය අලංකාර කළ අතර පාකිස්තාන ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිතර වූ අසීෆ් අලී පන්දු 25 කදී ලකුණු 46 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගිනි.
ජයග්‍රහණය සඳහා ලකුණු 309 ක ඉලක්කයක් හඹාගිය සිම්බාබ්වේ කණ්ඩායමට ඕවර 35 ක් අවසනායේ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 107 ක් පමණි. සිම්බාබ්වේ ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි රයන් මුරේ පන්දු 48 කදී හතරේ පහරක් සමග නොදැවී ලකුණු 32 ක් රැස්කළේය.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ පා දඟ පන්දුයවන ක්‍රීඩක ශඩාබ් ඛාන් ලකුණු 32 කට කඩුලු 4 ක් දවාගනිමින් සිම්බාබ්වේ ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා පුරෝගාමී විය. උස්මාන් කවාජා සහ ෆාහීම් අෂ්රෆ්ද කඩුලු 2 බැගින් බිඳහෙළමින් එහිදී පන්දුවෙන් දස්කම් දැක්වූහ.
පාකිස්තානය - කඩුලු 7 ක් දැවී 308
(ඉමාම් උල්හක් 128, ෆකාර් සමාන් 60, බාබර් අසාම් 30, ශොයිබ් මලික් 22, අසීෆ් අලී 46, ටෙන්ඩායි චටාරා 49/2, ඩොනල්ඞ් ටිරිපානෝ 66/2)
සිම්බාබ්වේ - සියලු දෙනා දැවී 107
(චමූ චිබාබා 20, ටරිසායි මුසකන්ඩා 21, රයන් මුරේ නොදැවී 32, ශඩාබ් ඛාන් 32/4, ෆාහීම් අෂ්රෆ් 14/2, උස්මාන් කවාජා 21/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.