Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නවසීලන්තයට එරෙහිව ඩුබායි අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (4 වැනිදා) පැවැති තෙවැනි විස්සයි20 තරගයෙන් ලකුණු 47 ක ජයක් ලැබූ පාකිස්තානය, දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත වූ විස්සයි20 තරගාවලිය 3-0 ක් ලෙස ජයගැනීමට සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 167 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත කණ්ඩායම ඕවර 16.5 අවසානයේ ලකුණු 119 කට සීමා කිරීමට ශඩාබ් ඛාන් ප්‍රමුඛ පාකිස්තාන පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ශඩාබ්, ලකුණු 30 කට කඩුලු 3 ක් දවාගත් අතර ඉමාඞ් වසීම් සහ වකාස් මක්සූද් කඩුලු 2 බැගින් බිඳහෙළමින් නවසීලන්ත කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා ශඩාබ්ට අනගි සහායක් දුන්හ.
නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කේන් විලියම්සන් පන්දු 38 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 60 ක් රැස්කළද, සහායට කිසිවකු නොසිටීම හේතුවෙන් ඔහුට නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනයෑමට නොහැකි විය. පිතිකරුවන් 8 දෙනෙක්ම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමටත් පෙර ආපසු ගොස් ක්‍රීඩාගාරයේ අසුන්ගැනීම නවසීලන්ත කණ්ඩායමට විශාල පාඩුවක් විය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම ඕවර 20 තුළදී කඩුලු 3 ක් දැවී ලකුණු 166 ක් ලබාගත් අතර එහිදී වේගවත් පිතිහරඹයක නිතර වූ බාබර් අසාම් පන්දු 58 කදී ලකුණු 79 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමගිනි.
මොහොමඞ් හෆීස් (නොදැවී 53) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 64 කදී ලකුණු 94 ක් සම්බන්ධතාවක් ගොඩනගමින් පාකිස්තාන ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමටද අසාම් සමත් විය. පන්දු 36 කට මුහුණදුන් හෆීස් හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමග සිය අර්ධ ශතකය සම්පූර්ණ කළේය.
පාකිස්තානය - ඕවර 20 කදී කඩුලු 3 ක් දැවී 166
(බාබර් අසාම් 79, මොහොමඞ් හෆීස් නොදැවී 53, ෂොයිබ් මලික් 19, කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් 41/2)
නවසීලන්තය - ඕවර 16.5 කදී සියලු දෙනා දැවී 119
(ග්ලේන් පිලිප්ස් 26, කේන් විලියම්සන් 60, ශඩාබ් ඛාන් 30/3, වකාස් මක්සූද් 21/2, ඉමාඞ් වසීම් 28/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.