Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
උමාර් අක්මාල්ගේ (නොදැවී 102) ශතකය නිසා ආසියානු කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස ඇෆ්ගනිස්තානයට එරෙහිව ෆාටුල්ලාහි, ඛාන් ශහීබ් ඔස්මාන් අලී ක‍්‍රීඩාංගණයේදී අද (27) පැවැති තරගයෙන් පාකිස්තානය ලකුණු 72 ක ජයක් ලැබීය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 249 ක ඉලක්කය හඹාගිය ඇෆ්ගනිස්තානු ඉනිම ලකුණු 176 කට සීමා විය.
පාකිස්තානය මෙහිදී අතිරේක ප‍්‍රසාද ලකුණත් සමග ජය ලැබීම නිසා මේ වන විට ප‍්‍රසාද ලකුණු 5 ක් ලබා සිටියි.
උමාර් අක්මාල් පන්දු 89 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 102 ක් රැස් කරමින් පාකිස්තානු පිලේ ගැලවුම්කරු බවට පත්විය. මෙය 23 හැවිරිදි උමාර් අක්මාල්ගේ දෙවැනි එක්දින ශතකයයි.
පාකිස්තානය ලකුණු 117 කට කඩුලූ 6 ක් බිද වැටී සිටියදී උමාර් අක්මාල් (නොදැවී 102) සහ අන්වර් අලී (21) හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 60 ක සම්බන්ධතාවක් පවත්වමින් ගෞරවනීය තත්ත්වයකට ගෙන ඒමට සමත් වූහ.
පාකිස්තානු පිල ඕවර 50 යේදී කඩුලූ 8 ට 248
(ශර්ජීල් ඛාන් 25, අහ්මඞ් ශෙෂාඞ් 50, උමාර් අක්මාල් නොදැවී 102, අන්වර් අලී 21, උමාර් ගුල් 15, ඩව්ලට් ශදාන් 73/2, මිර්වයිස් 29/2, සමියුල්ලා ශින්වරි 34/2)
ඇෆ්ගනිස්තානු පිල ඕවර 47.2 කදී 176
(නූර් අලී ශදාන් 44, අස්ගර් ස්ටනික්ෂානි 40, නව්රොෂ් මන්ගල් 35, මොහොමඞ් නබී 15, උමාර් ගුල් 44/2, සයිඞ් අජ්මාල් 25/2, මොහොමඞ් හෆීෂ් 29/3)
048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.