Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාකිස්තානුවෝ ඕස්ටේ‍්‍රලියාව පරදවති

පාකිස්තානුවෝ ඕස්ටේ‍්‍රලියාව පරදවති

සංජය එරමුදුගොඩ - 2014 මාර් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි කාණ්ඩයේ  ඕස්ටේ‍්‍රලියාව සහ පාකිස්තානය අතර මීර්පූර්හිදී අද (23) පැවැති දිනයේ පළමු  තරගයෙන් පාකිස්තානු ක‍්‍රීඩකයෝ ලකුණු 16 ක ජයක් ලැබූහ.

ලකුණු 192 ක ඉලක්කය හඹායන  ඕස්ටේ‍්‍රලියානු පිලට  ඕවර 20 අවසානයේ සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 175 ක් පමණි.

ග්ලේන් මැක්ස්වෙල් (74) සහ ඒරන් ෆින්ච් (65) තෙවැනි කඩුල්ල සඳහා පන්දු 64 කදී ලකුණු 118 ක වේගවත් සම්බන්ධතාවක් පැවැත්වුවද පසු පෙළ පිතිකරුවන් අසාර්ථක වීමේ පරාජය වැළඳ ගැනීමට සිදුවිය.

මැක්ස්වෙල් සහ ෆින්ච් හැරෙන්නට ඕස්ටේ‍්‍රලියානු පිලේ සෙසු කිසිඳු පිතිකරුවකුට ලකුණු 10 සීමාවට පැමිණීමට නොහැකි වීම කැපී පෙනුණි.  

පළමුව පන්දුවට පහර දුන් පාකිස්තානය වෙනුවෙන් උමාර් අක්මල් අනගි ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 54 කදී හතරේ පහර 9 ක් සහ හයේ පහර 4 ක් සමගින් ලකුණු 94 ක් රැස්කරමින් තරගයේ වීරයා බවට පත්විය.

පාකිස්තානු පිල  ඕවර 20 කදී කඩුලූ 5 ට 191 (කම්රාන් අක්මාල් 31, මොහොමඞ් හෆීෂ් 13, උමාර් අක්මාල් 94, සහිඞ් අෆ්රිඩි නොදැවී 20, නේතන් කොයුල්ටර් 36/2)

ඕස්ටේ‍්‍රලියානු පිල  ඕවර 20 කදී සියලූ දෙනා දැවී 175 (ඒරන් ෆින්ච් 65, ග්ලේන් මැක්ස්වෙල් 74, ෂුල්ෆිකාර් බබාර් 26/2, උමාර් ගුල් 29/2, සහිඞ් අෆ්රිඩි 30/2, බිලාවල් බාටි 36/2)


- 048


අදහස් (0)

පාකිස්තානුවෝ ඕස්ටේ‍්‍රලියාව පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.