Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආසියානු කි‍්‍රකට් සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන නැගීඑන කණ්ඩායම් කුසලාන තරගාවලියේ අද (23 වැනිදා) සිංගප්පූරුවේදී පැවැති අවසන් පූර්ව තරගයේදී තියුණු සටනකින් පසුව ශී‍්‍ර ලංකා 23 න් පහළ කණ්ඩායම පරදවා කඩුලූ 1 ක සියුම් ජයක් ලබාගැනීමට පාකිස්තානු 23 න් පහළ කණ්ඩායම සමත් විය.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශී‍්‍ර ලංකා 23 න් පහළ කණ්ඩායම ඕවර 50 ක් අවසානයේදී කඩුලූ 7 ක් දැවී ලකුණු 230 ක් ලබාගත් අතර පන්දු 7 ක් ඉතිරිව තිබියදී කඩුලූ 9 ක් දැවී ලකුණු 232 ක් ලබාගැනීමට පාකිස්තානු 23 න් පහළ පිල සමත් විය. පාකිස්තානු 23 න් පහළ පිලේ නායක හමාඞ් අසාම් පන්දු 69 කට මුහුණ දෙමින් හතරේ පහර දෙකක් සහ හයේ පහර 3 ක්ද සමගින් නොදැවී ලකුණු 66 ක් ලබා තම පිල අවසන් මහ තරගය කරා කැඳවාගෙන ගියේය.
ශී‍්‍ර ලංකා 23 න් පහළ පිල වෙනුවෙන් ආරම්භක පිතිකරු උදාර ජයසුන්දර පන්දු 120 කට මුහුණ දෙමින් හතරේ පහර 9 ක් සහ හයේ පහරක්ද සමග ලකුණු 94 ක් ලබාගත් නමුත් සෙසු මැදපෙළ පිතිකරුවන්ට සාර්ථක වීමට පාකිස්තානු පන්දු යවන්නන්ගෙන් අවසර නොලැබිණ.
ලකුණු 231 ක ඉලක්කයක් කරා ගිය පාකිස්තානු 23 න් පහළ කණ්ඩායම 39 වැනි ඕවරයේදී ලකුණු 169 කට කඩුලූ 8 ක් දැවී අසරණව සිටි නමුත් අවසන් පිතිකරුවන් දෙදෙනා සමග ලකුණු 63 ක් එක් කළ හමාඞ් අසාම් ළහිරු ජයරත්නගේ පන්දුවකට හයේ පහරක් ගසමින් තරගය අවසන් කළේය.
ශී‍්‍ර ලංකා පන්දු යවන්නන් අතරේ අමිල අපෝන්සු කඩුලූ 3 ක් දවාගනිමින් දස්කම් දැක්වීය.
ලකුණු පුවරුව |
|||
ශ‍්‍රී ලංකා 23න් පහළ කණ්ඩායම | |||
උදාර ජයසුන්දර | ඇ. මොහොමඞ් වකස් ප. උස්මාන් කදීර් | 94 | |
ෂෙහාන් ජයසූරිය | ඇ. සහ ප. උස්මාන් කඞීර් | 33 | |
කිත්රුවන් විතානගේ | ඇ. උස්මාන් සලාහුදීන් ප. උස්මාන් කදීර් | 14 | |
නිරෝෂන් දික්වැල්ල | ඇ. මොහොමඞ් රිස්වාන් ප. උස්මාන් කදීර් | 4 | |
රුමේෂ් බුද්ධික | ඇ. මොහොමඞ් රිස්වාන් ප. උස්මාන් කදීර් | 17 | |
ධනුෂ්ක ගුණතිලක | ඇ. උස්මාන් සලාහුදීන් ප. මොහොමඞ් නවාස් | 20 | |
චතුරංග කුමාර | ඇ. අසීම් ගුහුමන් ප. රසා හසන් | 17 | |
චරිත් ජයම්පති | නොදැවී | 22 | |
ළහිරු මධුසංක | නොදැවී | 1 | |
අතිරේක | 8 | ||
එකතුව ඕවර 50 කදී කඩුලූ 7ක් දැවී | 230 | ||
පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයෝ: | |||
ළහිරු ජයරත්න, අමිල අපෝන්සු | |||
කඩුලු වැටීම: | |||
1-81 (ජයසූරිය), 2-105 (විතානගේ), 3-109 (දික්වැල්ල), 4-157 (බුද්ධික), 5-173 (ජයසුන්දර), | |||
6-203 (කුමාර), 7-208 (ගුණතිලක) | |||
පන්දු යැවීම: | |||
එෂාන් අදිල් : 3-0-18-0, බිලාවල් බාතී : 6-0-29-0, බාබර් අසාම් : 7-0-31-0, රසා හසන් : 10-0-43-1, | |||
උස්මාන් කදීර් : 10-2-32-5, උමාර් වහීඞ් : 6-0-26-0, මොහොමඞ් නවාස් : 8-0-44-1 | |||
පකිස්තානු 23න් පහළ කණ්ඩායම | |||
බාබර් අසාම් | ක.මු.කළා ප.ජයරත්න | 0 | |
අසීම් ගුහුමන් | ඇ. දික්වැල්ල ප. ජයම්පති | 22 | |
උමාර් වහීඞ් | ක.මු.කළා ප. අපෝන්සු | 19 | |
මොහොමඞ් රිස්වාන් | ප. අපෝන්සු | 13 | |
උස්මාන් සලාවුදීන් | දුවද්දී දැවී ගියා | 31 | |
මොහොමඞ් නවාස් | ප. මධුසංක | 26 | |
හමඞ් අසාම් | නොදැවී | 66 | |
රසා හසන් | ඇ. ගුණතිලක ප. අපෝන්සු | 5 | |
බිලාවල් බාති | ඇ. බුද්ධික ප. ජයම්පති | 25 | |
උස්මාන් කදීර් | දුවද්දී දැවී ගියා (විතානගේ/ජයසූරිය) | 11 | |
එෂාන් අදිල් | නොදැවී | 2 | |
අතිරේක | 12 | ||
එකතුව ඕවර 48.5 කදී කඩුලූ 9ක් දැවී | 232 | ||
කඩුලු වැටීම: | |||
1-0 ( බාබර් අසාම්), 2-32 (අසීම් ගුහුමන්), 3-50 (උමාර් වහීඞ්), 4-61 (මොහොමඞ් රිස්වාන්), | |||
5-118 (මොහොමඞ් නවාස්), 6-124 (උස්මාන් සහවුදීන්), 7-129 (රසා හසන්), 8-169 (බිලාවල් බාත), | |||
9-200 (උස්මාන් කදීර්) | |||
පන්දු යැවීම: | |||
ලහිරු ජයරත්න : 8.5-0-52-1, චරිත් ජයම්පති : 8-0-52-2, අමිල අපෝන්සු : 10-0-31-3, | |||
ධනුෂ්ක ගුණතිලක : 8-2-24-0, ශෙහාන් ජයසූරිය : 5-0-33-0, චතුරංග කුමාර : 4-0-17-0, | |||
ළහිරු මධුසංක : 3-0-16-0, උදාර ජයසුන්දර : 2-0-4-0 |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.