Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාකිස්තානය පළමු ජය ලබයි

පාකිස්තානය පළමු ජය ලබයි

සංජය එරමුදුගොඩ - 2015 මාර් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 23 වැනි තරගය ලෙස පාකිස්තානය සහ සිම්බාබ්වේ අතර බි‍්‍රස්බේන්හිදී අද (01) පැවැති ‘බී’ කාණ්ඩයේ තරගයෙන් (දිවා/රාත‍්‍රී) පාකිස්තානය ලකුණු 20 ක ජයක් ලැබීය.

පාකිස්තානය තරග තුනකදී ලැබූ පළමු ජය මෙය වන අතර මෙම ජයග‍්‍රහණයත් සමඟ පාකිස්තානය අවධානම් තත්ත්වයෙන් ගැලවුණි.  

ජයග‍්‍රහණය සදහා ලකුණු 236 ක ඉලක්කය හඹාගිය සිම්බාබ්වේ පිල  ඕවර  ඕවර 49.4 කදී ලකුණු 215 කට සීමා විය.

සිම්බාබ්වේ පිලට පන්දු 24 කදී ලකුණු 34 ක් රැස්කිරීමට තිබියදී සහිඞ් අෆ්රිඩි යැවූ 47 වැනි  ඕවරයට ටිනාෂි පයන්ගරා ලකුණු රැස්කිරීමට අපොහොසත් වීමෙන් තරගය පාකිස්තානු පිලට දෝලනය විය.  

මොහොමඞ් ඉර්ෆාන් ලකුණු 30 කට කඩුලූ 4 ක් දවා ගනිමින් පාකිස්තානු බලාපොරොත්තු ඉහළ නැංවීමට සමත් විය. වහබ් රියාස් ලකුණු 45 කට කඩුලූ 4 ක් දවා ගත්තේය.   

බ්‍රෙන්ඩන් ටේලර් පන්දු 76 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 50 ක් ලබා සිවුවැනි කඩුල්ල ලෙස දැවී ගියේය.

සිම්බාබ්වේ ආරම්භක පිතිකරුවන් චමු චිබාබා (09) සහ සීකන්දර් රාසා (08) ලකුණු 22 ක් තුළ දැවී ගියේය.

පළමුව පන්දුවට පහර දුන් පාකිස්තානු පිලේ වහබ් රියාස් පන්දු 46 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 54 ක් රැස්කරමින් සටනක් දියහැකි තත්ත්වයකට රැගෙන ඒමට සමත් විය.

නායක මිස්බා උල් හක් අන්තයක් ආරක්‍ෂා කරගනිමින් පන්දු 121 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 73 ක් රැස් කළේය.

පාකිස්තානු ප‍්‍රවේගකාරී පිතිකරු සහිඞ් අෆ්රිඩි ලකුණු නොලබා ෂෝන් විලියම්ස්ගේ පන්දුවකට දැවී යෑමෙන් ලකුණු 127 කට කඩුලූ 5 ක් බවට පත්වෙමින් අසීරු අඩියකට ඇද වැටුණි.

ආරම්භක පිතිකරුවන් වූ නසීර් ජම්ෂීඞ් (01) සහ අශ්මඞ් ශෙෂාඞ් (0) ලකුණු 4 ක් තුළ ක‍්‍රීඩාගාරයේ අසුන් ගැනීමත් සමඟ ආරම්භයේ සිට ඉනිම අඩ පණ විය.  
පාකිස්තානු නායක මිස්බා උල් හක් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

පාකිස්තානය පළමු තරග දෙකම පරාජයට පත්ව ‘බී’ කාණ්ඩයේ අවසන් ස්ථානයේ පසු වීම නිසා මෙම තරගය ජය ලැබීම අනිවාර්ය වී තිබේ.


පාකිස්තානු පිල  ඕවර 50 කදී කඩුලූ 7 ට 235 (හාරිස් සොහිල් 27, මිස්බා උල් හක් 73, උමාර් අක්මාල් 33, ෂොයිබ් මක්ෂූඞ් 21, වහබ් රියාස් නොදැවී 54, ටෙන්ටායි චටාරා 35/3, ෂෝන් විලියම්ස් 48/2)

සිම්බාබ්වේ පිල  ඕවර 49.4 කදී සියලූ දෙනා දැවී 215 (හැමිල්ටන් මසකඞ්ෂා 29, බ්‍රෙන්ඩන් ටේලර් 50, ෂෝන් විලියම්ස් 33, ග්‍රෙග් එර්වින් 14, එල්ටන් චිකුම්බුරා 35, මොහොමඞ් ඉර්ෆාන් 30/4, වහබ් රියාස් 45/4)

 

- 048

 

තරගයේ විශේෂ අවස්ථා...
ඒ.එෆ්.පී අනුග‍්‍රහයෙනි

 


අදහස් (0)

පාකිස්තානය පළමු ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.