Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාකිස්තානය දෙවැනි ජය ලබයි

පාකිස්තානය දෙවැනි ජය ලබයි

දිලිනි මල්රුක්ෂි - 2015 මාර් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ පළමු වටයේ 25 වැනි තරගය ලෙස පාකිස්තානය සහ එක්සත් අරාබි එමිර් පිල අතර නේපියර්හිදී පැවැති ‘බී’ කාණ්ඩයේ තරගයෙන් ලකුණු 129 ක පහසු ජයක් අක්තර ගැනීමට පාකිස්තාන පිල සමත් විය.

ජයග‍්‍රහණය සදහා ලකුණු 340 ක ඉලක්කය හඹාගිය එක්සත් අරාබි එමිර් පිලට  ඕවර 50 අවසානයේ කඩුලූ 8 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 210 ක් පමණි. එක්සත් අරාබි එමිර් පිලේ එකම අර්ධ ශතක ලාභියා වූ අයිමන් අන්වර්, පන්දු 88 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 62 ක් රැසකළේය.

කාසියේ වාසිය දිනූ එක්සත් අරාබි එමිර් පිලේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන පිල කඩුලූ 6 ක් දැවී ලකුණු  339 ක් ලබාගත්තේය.

පාකිස්තාන පිලේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ආරම්භක පිතිකරු අහමඞ් ශෙෂාඞ් පන්දු 105 කදී හතරේ පහර 8 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 93 ක් රැස්කළේය.

අහමඞ් ශෙෂාඞ් සහ හැරිස් සොහේල් (70) එක්ව පාකිස්තාන පිලේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 176 කදී ලකුණු 160 සම්බන්ධතාවක් ගොඩනැගූහ. අද දිනයේදී පන්දු 49 කදී තම 41 වැනි එක්දින අර්ධ ශතකය (65) ලබාගත් මිස්බා උල් හක්, ඊට හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් අන්තර්ගත කළේය.

එක්සත් අරාබි පිල නියෝජනය කරන ශ‍්‍රී ලංකා කී‍්‍රඩකයකු වන මංජුල ගුරුගේ දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 56 කට කඩුලූ 4 ක් දවාගත්තේය.

 

පාකිස්තානු පිල -  ඕවර 50 කදී කඩුලූ 6 ට 339
(අහ්මඞ් ශෙෂාඞ් 93, හැරිස් සොහිල් 70, ෂොයිබ් මක්ෂූද් 45, මිස්බා උල් හක් 65, උමාර් අක්මාල් 19, සහිඞ් අෆ්රිඩි නොදැවී 21, මංජුල ගුරුගේ 56/4)

එක්සත් අරාබි එමිර් පිල -  ඕවර 50 කදී කඩුලූ 8 ට 210
(අම්ජාඞ් අලී 14, කුරාම් ඛාන් 43, අයිමන් අන්වර් 62, ස්වප්නීල් පටීල් 36, අම්ජාඩ ජාවිඞ් 40, සහීඞ් අෆ්රිඩි 35/2, සොහිල් ඛාන් 54/2, වහබ් රියාස් 54/2)

 

- 036


අදහස් (0)

පාකිස්තානය දෙවැනි ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.