Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාකිස්තානය අර්ධ අවසන් පූර්ව තරගයට

පාකිස්තානය අර්ධ අවසන් පූර්ව තරගයට

ශනුක අරවින්ද - 2015 මාර් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට පාකිස්තානය අද (15) සමත් විය.

පළමු වටයේ 42 වැනි මෙන්ම අවසන් තරගය ලෙස පාකිස්තානය සහ අයර්ලන්තය අතර ඇඩිලේඞ්හිදී අද පැවැති ‘බී’ කාණ්ඩයේ තරගයෙන් පාකිස්තානය කඩුලූ 7 ක පහසු ජයක් ලබමින් ප‍්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයට පත්විය.

ඉන්දියාව ප‍්‍රසාද ලකුණු 12 ක් ලබා අපරාජිතව ‘බී’ කාණ්ඩයේ පළමු ස්ථානය හිමිකර ගත්තේය. දකුණු අප‍්‍රිකාව ප‍්‍රසාද ලකුණු 8 ක් සමගින් දෙවැනි ස්ථානයට පත්විය.

පාකිස්තානය ප‍්‍රසාද ලකුණු 8 ක් ලබා තෙවැනි ස්ථානයට ද, බටහිර ඉන්දීය කොදෙව් පිල ප‍්‍රසාද ලකුණු 6 ක් ලබා සිවුවැනි ස්ථානයට ද, පත්විය.

සෆ්රාෂ් අහ්මඞ් අනගි ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 124 කදී හතරේ පහර 6 ක් සමගින් නොදැවී ලකුණු 101 ක් රැස්කරමින් තරගයේ වීරයා බවට පත්විය.

අයර්ලන්ත නායක විලියම් පෝටර්ෆීල්ඞ් පන්දු 131 කදී හතරේ පහර 11 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 107 ක් රැස්කරමින් සිය හත්වැනි එක්දින ශතකය වාර්තා කළේය.

අයර්ලන්ත නායක විලියම් පෝටර්ෆීල්ඞ් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

 


අයර්ලන්ත පිල ඕවර 40 කදී කඩුලූ 5 ට 188 (විලියම් පෝටර්ෆීල්ඞ් 107, එඞ් ජොයිස් 11, නීල්  ඕබ‍්‍රයන් 12, ඇන්ඩි බල්බිරිනි 18, ගැරි විල්සන් 29, සොහෙල් ඛාන් 44/2, රහට් අලී 48/2, වහබ් රියාස් 54/3)

පාකිස්තානු පිල  ඕවර 46.1 කදී කඩුලූ 3 ට 241 (අහ්මඞ් ශෙෂාඞ් 63, සෆ්රාෂ් අහ්මඞ් නොදැවී 101, මිස්බා උල් හක් 39, උමාර් අක්මාල් නොදැවී 20) 

 

- 048  
 


අදහස් (0)

පාකිස්තානය අර්ධ අවසන් පූර්ව තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.