Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන විස්සයි-20 තරගාවලියේ තුන්වැන්න පාකිස්තානයේ පැවැත්වීමට සූදානම් කර තිබුණද ශ්‍රී ලංකා කණ්ඩායම ලාහෝර් නුවරට යවන්නේ එහි ආරක්‍ෂක තත්ත්වය සම්බන්ධයෙන් දැඩි විමසීමක් කිරීමෙන් පසුව බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියයි.
පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යය කරා පිටත්ව යාමට පෙර පැවැති පුවත් පත් සාකච්ඡාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා මේ බව පැවසීය.
මෙම තරගාවලියට ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග 5 ක් සහ විස්සයි-20 තරග 3 ක් ඇතුළත් වේ. එහි අවසන් විස්සයි-20 තරගය ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
“අපි පාකිස්තානයේදී තරගයකට සහභාගි වෙන්න දැනට එකඟ වෙලා තියෙනවා තමයි. ඒත් ඒ තරගයට ඉස්සරවෙලා අපි අපේ ආරක්‍ෂක නිලධාරියෙක් එහාට යවනවා...එයාගෙන් ලැබෙන වාර්තාව මත තමයි අපි කණ්ඩායම පාකිස්තානයට යවන්නේ”
“ඒ වාර්තාව තරගයට දෙසතියකට කලින් අපට ලැබිය යුතුයි” යයිද ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය.
2009 දී පාකිස්තානයේ සංචාරය කළ අවස්ථාවේදී ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේ ටෙස්ට් තරගයකට යමින් සිටියදී ශ්‍රී ලංකා කණ්ඩායම ගමන් ගත් බසයකට ත්‍රස්තවාදී පිරිසක් වෙඩි තැබූහ. එම වෙඩි තැබීමෙන් තිලාන් සමරවීර සහ තරංග පරණවිතාන ඇතුළු කිහිප දෙනෙක් තුවාල ලැබූහ. ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමක් පාකිස්තානයේ සංචාරය කළ අවසන් අවස්ථාව එයයි.
එම ප්‍රහාරයේදී තිලාන් සමරවීරගේ දණහිසට වෙඩිවැදුණු අතර හිටපු ශ්‍රී ලංකා පිතිකරුවා මෑතකදී කියා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් කිසිවකුට පාකිස්තානයේ සංචාරය කිරීම සඳහා බලපෑම් නොකළ යුතු බවයි. ඒ සම්බන්ධයෙන් කළ විමසීමේදී ඈෂ්ලි ද සිල්වා මහතා පවසා සිටියේ ක්‍රීඩකයන්ගේ කොන්ත්‍රාත් ගිවිසුම් අනුව ඔවුන් එම තරගය සඳහා සහභාගි වීමට බැඳී සිටින බවයි.
“ඒගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ගැන සාකච්ඡා කළ හැකියි. ඒත් තවම ඒ ගැන කතාකරලා නෑ” යයිද ප්‍රධාන විධායක නිලධාරියා පැවසීය.
ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් තරගාවලිය පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ කණ්ඩායමක් විදිහට හොඳ සූදානමකින් සිටින බවත් රෝස පැහැ පන්දුවෙන් පසුගිය දේශීය තරගාවලියේදී ක්‍රීඩාකර ඇති පළපුරුදු ක්‍රීඩකයින් රැසක් කණ්ඩායමේ සිටින බවත් ජේෂ්ඨ ක්‍රීඩකයින් කිහිප දෙනෙක් කණ්ඩායමට නැවතත් එක්වී ඇති බැවින් හොද තරගයක් දියහැකි බවත්ය.
ටෙස්ට් කණ්ඩායමේ උපනායකත්වයට ළහිරු තිරිමාන්න පත්කිරීම සම්බන්ධයෙන් ක්‍රිකට් කළමණාකරු සහ තේරීම් කමිටු නිළධාරී අසංක ගුරුසිංහ මහතා පැවසුයේ තිරිමාන්නගේ පළපුරුද්දත්, නායකත්වයේ වගකීම දැරීමට හැකිවීමත් ඉදිරි වසර දෙක තුන ගැන සිතාත් මෙම තීරණය ගැනීමට සිදුවූ බවයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.