Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද පාකිස්තාන සංචිතයට ටෙස්ට් වරම් ලබා නොමැති නවක ක්‍රීඩකයන් 5 දෙනෙක් ඇතුළත් කිරීමට ඉන්සමාම් උල් හක්ගේ ප්‍රධානත්වයෙන් යුත් එරට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
වමතින් මඳ වේග පන්දුයවන ක්‍රීඩක මීර් හම්සා, තුන් ඉරියව් ක්‍රීඩක බිලාල් අසීෆ්, වමතින් දඟ පන්දුයවන ක්‍රීඩක මොහොමඞ් අස්ගර් සමග මැද පෙළ පිතිකරුවන් වන හැරිස් සොහේල් සහ උස්මාන් සලාවුද්දීන් පාකිස්තාන ටෙස්ට් සංචිතයට කැඳවා සිටින නවක ක්‍රීඩකයෝ වෙති.
පළමු පෙළ තරග වලදී දක්වා ඇති දක්ෂතා පදනම් කරගෙන මීර් හම්සා සංචිතයට කැඳවා ඇති අතර 25 වැනි වියේ පසුවන ඔහු පළමු පෙළ තරග 46 කදී දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 216 කි. හම්සා කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍ය ලෙස සටහන් වන්නේ 19.15 කි.
මේ වසරේ මාර්තු මාසයේදී පැවැති බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියෙන් අනතුරුව ක්‍රීඩාවෙන් සමුගත් මිස්බා උල් හක් සහ යුනිස් ඛාන්ගේ හිදැස පිරවීම සඳහා මැද පෙළ පිතිකරුවන් වන හැරිස් සොහේල් සහ උස්මාන් සලාවුද්දීන් කණ්ඩායමට කැඳවා සිටිති. හැරිස් සොහේල් මින් පෙර පාකිස්තානය වෙනුවෙන් එක්දින තරග 22 කට සහ විස්සයි20 තරග 4 කට ක්‍රීඩා කර ඇති අතර උස්මාන් සලවුද්දීන් එක්දින තරග 2 කදී පාකිස්තානය නියෝජනය කර ඇත.
තිස්එක් හැවිරිදි තුන් ඉරියවු ක්‍රීඩක බිලාල් අසීෆ්ද පාකිස්තානය වෙනුවෙන් එක්දින තරග 3 කට ක්‍රීඩා කර ඇති අතර මොහොමඞ් අස්ගර් තවමත් 18 වැනි වියේ පසුවන ක්‍රීඩකයෙකි.
පාකිස්තාන කණ්ඩයමේ සිටින ප්‍රධානතම දඟ පන්දුයවන්නා වන යසීර් ෂා සහ ආරම්භක පිතිකරු අසාර් අලීද මෙම සංචිතයට ඇතුළත් කර ඇති නමුත් ඔවුන් තරගාවලියට සහභාගි වන්නේද නැද්ද යන්න පිළිබඳව ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් අනුව තීරණය කෙරෙනු ඇත. ආබාධ තත්ත්වයන්ට ලක්ව සිට ඔවුන් දෙදෙනාම මේ වන විට ඉන් සුවය ලබා ඇතැයි වාර්තා වේ.
කෙසේ වෙතත් ආරම්භක පිතිකරු අහමඞ් ශේෂාඞ්ටත් ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩකයන් වන මොහොමඞ් හෆීස්ට සහ ෂොයිබ් මලික් දෙදෙනාටත් මෙම තරගාවලියේදී කණ්ඩායමේ ස්ථානයක් හිමිකර ගැනීමට නොහැකි වී තිබේ. බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියේදී ටෙස්ට් වරම් දිනාගත් දඟ පන්දුයවන ක්‍රීඩක ශදාබ් ඛාන්ටද මෙම තරගාවලියේදී සිය ස්ථානය අහිමිවී තිබේ.
දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය මේ මස 28 වැනිදා සිට ඔක්තෝබර් මස 2 වැනිදා දක්වා අබුඩාබි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර දෙවැනි තරගය ඔක්තෝබර් මස 6 වැනිදා සිට 10 වැනිදා ඩුබායි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. දෙවැනි ටෙස්ට් තරගය දිවා/රාත්‍රී තරගයකි.
පාකිස්තානු සංචිතය
සෆ්රාස් අහමඞ් (නායක), අසාර් අලී, ෂාන් මසූද්, සාමි අස්ලම්, බාබර් අසාම්, අසාද් ෂෆීක්, හැරිස් සොහේල්, උස්මාන් සලහුද්දීන්, මොහොමඞ් අමීර්, හසන් අලී, යසීර් ෂා, මොහොමඞ් අස්ගර්, මොහොමඞ් අබ්බාස්, බිලාල් අසීෆ්, මීර් හම්සා සහ වහබ් රියාස්
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.