Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පන්දු 21 කදී ශ්‍රී ලංකා පිලේ ප්රබලතම පිතිකරුවන් තිදෙනකු ආපසු ක්‍රීඩාගාරයට යැවූ වහබ් රියාස් මුල් ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් ලකුණු 220 ක වාසිය තිබියදීම පාකිස්තානු පිල නැවතත් තරගයට කැඳවාගෙන ආවේය.
වසර 35 ක ටෙස්ට් ඉතිහාසයේ සිය මංගල දිවා/රාත්‍රී ටෙස්ට් තරගයට සහභාගි වෙමින් සිටින ශ්‍රී ලංකාව ඩුබායිහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වූ අද (8 වැනිදා) රාත්‍රියේ ක්‍රීඩාව නතර කරන විට සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 5 ක් දැවී ලකුණු 34 ක් ලබා සිටියේය.
මුල් ඉනිමේදී ලබාගත් වාසිය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ඒ වන විටත් ලකුණු 254 ක් ඉදිරියෙන් සිටින නමුත් තරගයේ තවත් සම්පූර්ණ දින දෙකක්ම ඉතිරිවී තිබෙන බැවින් ඒ වන විට සෑහෙන අසීරුතාවකට මුහුණ දී සිටියේය.
ශ්‍රී ලංකාවේ ලකුණු 482 ට පිළිතුරු සොයාගිය පාකිස්තානු පිල ලකුණු 262 දී නතර කරගත් ශ්‍රී ලංකා පිලට පාකිස්තානු පිතිකරුවන් නැවතත් පිටියට කැඳවීමේ සියලු අවස්ථා තිබිණ. එහෙත් යසීර් ෂා වැනි දඟ පන්දු යවන්නකු හමුවේ සිවුවැනි ඉනිමේදී පන්දුවට පහර දීමේ අවදානමට මුහුණ දෙනවාට වඩා ආරක්ෂාකාරී ලකුණු සංඛ්‍යාවක් ලබාගැනීම මැනවයි අදහස් කළ ශ්‍රී ලංකා නායකයා සිය දෙවැනි ඉනිම ආරම්භ කිරීමට තීරණය කළද ශ්‍රී ලංකා පිලට ලැබුණේ අතිශය භයංකාර ආරම්භයකි.
තුන්වැනි ඕවරයේ පළමු පන්දුවේදීම කෞෂාල් සිල්වා දැවී යන විට පුවරුවේ තිබුණේ ලකුණු 3 ක් පමණි. එතැන් සිට තරගයේ පාලනය සියතට ගත් පාකිස්තානුවෝ ශ්‍රී ලංකා පිලේ මුරකරු පිතිකරුවා වූ සුරංග ලක්මාල්වත් ආපසු ක්‍රීඩාගාරයට යැවූවා පමණක් නොව මුරකරු පිතිකරුවාට මුවාවී සිටි දිනේෂ් චන්දිමාල්වත් පිටියට ගෙන්වා ඔහුගේත් ඉනිම නිමා කළේය.
පළමු ඉනිමේදී දිමුත් කරුණාරත්නගේ ද්විත්ව ශතකය අහිමි කළ ආකාරයෙන්ම දෙවැනි ඉනිමේදීත් වමත් පිතිකරුවා දවාගත් වහබ් රියාස් දිනය අවසන් කළේ පන්දු 21යි, ලකුණු 10යි, කඩුලු 3යි වශයෙනි.
සෙනසුරාදා තරගය නතර කරනවිට කිසිවකු නොදැවී ලකුණු ලකුණු 51 ක් රැස්කරගෙන සිටි පාකිස්තානුවන්ගේ බලාපොරොත්තු සුනුවිසුණු කර දැමිමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ අද සමත්වූහ. නායක දිනේෂ් චන්දිමාල් උපක්රමශීලි ලෙස පන්දු යවන්නන් යොදා ගනිමින් පාකිස්තාන පිතිකරුවන් මෙල්ල කර ගැනීමට සමත් වූයෙන් පාකිස්තානු ඉනිම ලකුණු 262 දී නිමා විය.
පාකිස්තානය වෙනුවෙන් පිත්තෙන් යම් තරමක හෝ මෙහෙවරක් කළේ අසාර් අලි (59) සහ තවමත් සිය දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් සිටින හාරිස් සොහේල් (56) පමණි.
දිවා ආහාරයෙන් පසුව එක්වූ අසාර් අලි සහ හාරිස් සොහේල් දෙදෙනා තමන්ගේ හිස් බිමට නමා ගනිමින් පස්වැනි කඩුල්ලේ සම්බන්ධතාව තරකරගෙන ගියහ. මුලු ලකුණු සංඛ්‍යාව 180 ක් වෙද්දී රංගන හේරත්ගේ අතින් මිදුණු පන්දුවක් ඇදී ගොස් අසාර් අලීගේ පා ආවරණයේ වැදුණ නමුත් විනිසුරුවරයාගේ තීන්දුව වූයේ අලී දැවී නොගිය බවයි. සගයන් කිහිප දෙනකුගේ අදහස් විමසීමෙන් පසුව විතීවි සහාය ඉල්ලා සිටි දිනේෂ් චන්දිමාල් අසාර් අලීගේ ඉනිම නිමා කළේය.
පාකිස්තාන ඉනිමේ පළමු කඩුල්ල ලෙස ශාන් මසූඞ් ලකුණු 16 කට දවාගත් ළහිරු ගමගේ සිය මංගල ටෙස්ට් කඩුල්ල හිමිකර ගැනීමට සමත්වූ අතර තවත් ලකුණු 4 ක් කණ්ඩායමට එක්වන විටදී දෙවැනි කඩුල්ල බිද දැමීමට ඩිල්රුවන් පෙරේරා සමත් විය. සමී අස්ලාම් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියත් විනිසුරු තීරණ විමසීමේ ක්රමවේය ඉල්ලා සිටීම නිසා මේ වන විටත් පාකිස්තානුවන්ගේ විතීවි අවස්ථාවක් අහිමි වී තිබේ.
පිට පිට කඩුලු දෙකක් දැවියාමෙන් අනතුරුව අසාර් අලී සමගින් එක්ව තෙවැනි කඩුල්ල සදහා ලකුණු 27 ක සම්බන්ධතාවයක් ගොඩනැංවූවත් දක්ෂ පන්දු රැකීමක නිරතවූ කුසල් මෙන්ඩිස් ස්ලිප්හී සිට රැකගත් උඩපන්දුව හේතුවෙන් අසාද් ෂාෆීක් දැවී ගියේය. සුරංග ලක්මාල්ගේ පන්දුවක් හමුවේ අසාද් සාෆීක් දැවීයන විටදී ඔහුට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 12 ක් පමණි.
පළමු ටෙස්ට් තරගයේදී කඩුලු 400 කඩයිම පසුකළ ලොව විශිශ්ටතම වමත් දඟ පන්දුයවන්නා නැවතත් සිය කඩුලු දඩයම ආරම්භ කරමින් දිනය නිමා වන විට තමන්ගේ කඩුලු මල්ල 403 ක් දක්වා තර කරගත්තේය.
ශ්‍රී ලංකා - පාකිස්තානු දෙවැනි ටෙස්ට් තරගයේ විශේෂ අවස්ථා...
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.