Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ අද (7 වැනිදා) පැවැති තරගයකදී ඉන්දීය කාන්තා කණ්ඩායමට එරෙහිව ලකුණු 13 ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කාන්තා කණ්ඩායම සමත් විය. මෙම තරගයේදී ලැබූ පරාජයත් සමග ඉන්දීය කාන්තා කණ්ඩායම මෙවර තරගාවලියේදී රඳවාගෙන සිටි අපරාජිත බව බිඳවැටිණ.
ජයග්‍රහණය සඳහා ලකුණු 138 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය කාන්තා කණ්ඩායමට ඕවර 19.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 124 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ නෂ්රා සන්ධු ලකුණු 30 කට කඩුලු 3 ක් දවාගත් අතර ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා ඇයට අනගි සහායක් දුන් සාදියා ඉක්බාල් සහ නිඩා දාර් කඩුලු 2 බැගින් බිඳහෙළුහ.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කාන්තා කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 137 ක් ලබාගත්තේය. එහිදී නිඩා දාර් පන්දු 37 කදී නොදැවී ලකුණු 56 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගිනි. නායිකා බිස්මා මරූෆ් පන්දු 35 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 32 ක් රැස්කළාය.
පාකිස්තාන කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 137
(මුනීබා අලී 17, බිස්මා මරූෆ් 32, නිඩා දාර් නොදැවී 56, දීප්ති ශර්මා 27/3, පූජා වස්ත්‍රකාර් 23/2)
ඉන්දීය කාන්තා පිල - ඕවර 19.4 කදී සියලු දෙනා දැවී 124
(සබිනේනි මේඝනා 15, ස්මිත්‍රි මන්දනා 17, දයාලන් හේමලතා 20, දීප්ති ශර්මා 16, රිචා ඝෝෂ් 26, නෂ්රා සන්ධු 30/3, නිඩා දාර් 23/2, සාදියා ඉක්බාල් 24/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.