Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාකිස්තානය සහ ඇෆ්ඝනිස්ථානය අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (24 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් කඩුල්ලක තියුණු ජයක් වාර්තා කිරීමට පාකිස්තානය සමත් විය. මෙම ජයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම 2-0 ක් ලෙස ජය ගැනීමටද පාකිස්තානුවෝ සමත් වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 301 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තානය පන්දුවක් ඉතිරිව තිබියදී කඩුලු 9 ක් දැවී ඉලක්කය සපුරාගත්තේය. තරගය ජයගැනීමට ෆසාල්හක් ෆකූරි යැවූ අවසන් ඕවරයේදී පාකිස්තානයට ලකුණු 11 ක් අවශ්‍ය වූ අතර හතරේ පහර 2 ක් සමග පන්දු 5 කදී ලකුණු 12 ක් රැස්කළ නසීම් ෂා සහ හාරිස් රවුෆ් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ.
ෆකාර් සමාන් ලකුණු 30 කට දැවී ගියද, නායක බාබර් අසාම් (53) සමග දෙවැනි කඩුල්ල වෙනුවෙනු ලකුණු 118 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ඉමාම් උල්හක් (91) පාකිස්තාන කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමුවේය. පන්දු 105 කදී වාර්තා ඉමාම්ගේ අර්ධ ශතකය හතරේ පහර 4 කින්ද, පන්දු 66 කදී වාර්තා බාබර්ගේ අර්ධ ශතක හතරේ පහර 6 කින්ද සමන්විත විය.
කාසියේ වාසිය දිනූ ඇෆ්ඝනිස්ථානය ඕවර 50 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 300 ක් ලබාගත් අතර ඇෆ්ඝනිස්ථාන ඉනිමේ කොඳු නාරටිය බවට පත්වූ ආරම්භක පිතිකරු රහ්මනුල්ලා ගුර්බාස් පන්දු 151 කින් ලකුණු 151 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 14 ක් සමගිනි. ඊබ්‍රහීම් සද්රාන් (80) සමග පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 239 කදී ලකුණු 227 ක සම්බන්ධතාවක් ගොඩනැගුවේය.
ඇෆ්ඝනිස්ථානය - ඕවර 50 කදී කඩුලු 5 ක් දැවී 300
(රහ්මනුල්ලා ගුර්බාස් 151, ඊබ්‍රහීම් සද්රාන් 80, මොහොමඩ් නබී 29, හෂ්මතුල්ලා ශහිදි නොදැවී 15, ශහීන් අෆ්රිඩි 58/2)
පාකිස්තානය - ඕවර 49.5 කදී කඩුලු 9 ක් දැවී 302
(ෆකාර් සමාන් 30, ඉමාම් උල්හක් 91, බාබර් අසාම් 53, ශදාබ් ඛාන් 48, ෆසාල්හක් ෆරූකි 69/3, මොහොමඩ් නබී 46/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.