Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාකිස්තානයට කඩුලු 4 ක ජයක්
ගාල්ල ටෙස්ට් තරගය

පාකිස්තානයට කඩුලු 4 ක ජයක්

editorial - 2023 ජුලි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය ගාල්ල ක්‍රීඩාංගණයේ සිට...)

ලකුණු 131 ක ඉලක්කය කරා පහසු ගමනක යෙදුණු පාකිස්තානුවෝ, ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (20 වැනිදා) නිමාවූ පළමු වැනි ටෙස්ට් තරගයේදී කඩුලු හතරක පහසු ජයක් අත්කරගත්හ. ලෝක ටෙස්ට් ශූරතාවලියේ 2023 - 2025 චක්‍රයේදී ශ්‍රී ලංකාවේ මෙන්ම පාකිස්තානයේත් පළමු තරගය වූයේ මෙයයි. 

මෙම ජයත් සමගින් පාකිස්තානු කණ්ඩායම, තරග දෙකකින් සමන්විත තරගාවලියේදී 1-0 ක් ලෙසින් පෙරමුණ ගත්තේය. 
ඊයේ සන්ධ්‍යාවේ ලකුණු 48 කට කඩුලු 3 ක් දැවී සිටියදී ඉනිම නතර කළ පාකිස්තානු පිතිකරුවෝ අද පෙරවරුවේදී විනාඩි 45 කින් ලකුණු 52 ක් ලබාගනිමින් ලකුණු 100 කඩයිම පසුකර ගියහ. ජයග්‍රහණයට ලකුණු 10 ක් පමණ මෑතින් සිටියදී සවුද් ශකීල් (30) සහ සර්ෆ්‍රාස් අහමඩ් (01) දෙදෙනාම දැවී ගිය නමුත්, පාකිස්තානුවන්ගේ ජයග්‍රහණයට එයින් තැතිගැනීමක් නොවීය. ආරම්භක පිතිකරු ඉමාම් උල් හක් (නොදැවී 50) පාකිස්තානුවන් ජයටැඹ කරා කැඳවාගෙන ගියේය. සර්ෆ්‍රාස් අහමඩ් දැවී යාමෙන් අනතුරුව පැමිණි අඝා ෂල්මාන්, මුහුණ දුන් පළමු පන්දුවම හතරේ සීමාවට ඉහළින් යවමින් තරගය අහවර කළේය. 

කඩුලු දවාගැනීම සඳහා ශ්‍රී ලාංකික දඟ පන්දු යවන්නන් දෙදෙනා වන ප්‍රභාත් ජයසූරිය (56/4) සහ රමේෂ් මෙන්ඩිස් (62/1) ප්‍රබල උත්සාහයක නිරත වූ නමුත්, දඟ පන්දු යවන්නන්ට මුහුණ දීම සඳහාම විශේෂයෙන් සූදානම් වී පැමිණි පාකිස්තානුවන් අමාරුවේ දැමීම පහසු නොවීය. 
පාකිස්තානු කණ්ඩායම ටෙස්ට් තරගයක් ජයගත්තේ හරියටම වසරකට පසුවය. 2022 ජූලි 20 වැනිදා, ගාල්ල ක්‍රීඩාංගණයේදීම ශ්‍රී ලංකාව කඩුලු 4 කින් පරාජය කිරීම පාකිස්තානුවන්ගේ අවසන් ටෙස්ට් ජයග්‍රහණය විය. එතැන් සිට වසරක කාලයේදී පාකිස්තානු කණ්ඩායම ටෙස්ට් තරග 6 කට සහභාගි වූ නමුත් ඒවායින් එකක්වත් ජයගත හැකි නොවීය. 

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දෙවැනි ටෙස්ට් තරගය ලබන සඳුදා (23 වැනිදා) කොළඹ එස්.එස්.සී. පිටියේදී ආරම්භ වේ. 

 


අදහස් (0)

පාකිස්තානයට කඩුලු 4 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.