Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාකිස්තානු සංචිතයට අෆ්රීඩි කැඳවයි

පාකිස්තානු සංචිතයට අෆ්රීඩි කැඳවයි

editorial - 2023 ජුනි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා වමතින් වේග පන්දු යවන ශහීන් ෂා අෆ්රීඩි කැඳවා තිබේ. ක්‍රීඩකයන් 16 දෙනකුගෙන් සමන්විත පාකිස්තානු සංචිතයට නවක පිතිකරුවකු වන මොහොමඩ් හුරායිරා සහ තුන් ඉරියව් ක්‍රීඩක අමීර් ජමාල් ද ඇතුළත්ව සිටිති.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ලබන මාසයේදී පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය 2023-25 ලෝක ටෙස්ට් ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාවේ මෙන්ම පාකිස්තානයේත් පළමු වැනි තරගාවලිය වේ. මෙම තරගාවලියේ තරග දෙකම පැවැත්වෙන ස්ථානය තවමත් තීරණය කර නැතත්, ඉදිරි සතියේදී එය ප්‍රකාශයට පත්කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරියෙක් පැවසීය.

පසුගිය වසරේ ශ්‍රී ලංකා සංචාරයේදී ඇතිවූ දණහිසේ අබාධයක් හේතුවෙන් වසරක කාලයක් ටෙස්ට් පිටියෙන් ඉවත්ව සිටීමට අෆ්රීඩිට සිදුවිය. මේ වන විට පාකිස්තානය වෙනුවෙන් ටෙස්ට් කඩුලු 99 ක් දවාගෙන සිටින අෆ්රීඩිගේ ටෙස්ට් කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය ලෙසින් සටහන් වන්නෙ 24.86 කි.

පිතිකරුවෝ හය දෙනෙක්, දඟ පන්දු යවන්නෝ සිව් දෙනෙක්, වේග පන්දු යවන්නෝ සිව් දෙනෙක් සහ කඩුලු රකින්නෝ දෙදෙනෙක් පාකිස්තානු සංචිතයට ඇතුළත් වෙති.

ජූලි මස 03 වැනිදා කරච්චියේදී එක්වන පාකිස්තානු ක්‍රීඩකයන් එහිදී සතියක පමණ කාලයක් පුහුණුවීම් කරනු ඇත. ජූලි 09 වැනිදා ඔවුන් ශ්‍රී ලංකාව බලා පිටත්වීමට නියමිතය.

 
පාකිස්තානු සංචිතය
බාබර් අසාම් (නායක), මොහොමඩ් රිස්වාන් (උප නායක සහ කඩුලු රකින්නා), ඉමාම් උල් හක්, මොහොමඩ් නවාස්, හසන් අලී, නසීම් ෂා, නවුමන් අලී, අඝා සල්මාන් අලී, සර්ෆ්‍රාස් අහමඩ් (කඩුලු රකින්නා), සවුද් ශකීල්, ශහීන් ෂා අෆ්රීඩි, අබ්දුල්ලා ශෆීක්, අබ්රාර් අහමඩ්, ෂාන් මසූඩ්, අමීර් ජමාල් සහ මොහොමඩ් හුරෙයිරා

- 213

 


අදහස් (0)

පාකිස්තානු සංචිතයට අෆ්රීඩි කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.