Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය ගාල්ල ක්‍රීඩාංගණයේ සිට...)
දීර්ඝ වූත්, වෙහෙසකර වූත් ඉනිමකට පසුව, ඉතාමත් වටිනා ලකුණු 149 ක මුල් ඉනිමේ වාසියක් අත්කරගත් පාකිස්තානුවෝ, තමන්ගේ ග්‍රහණය දැඩිකරමින් ලකුණු 461 කට දැවී ගියහ. නියමිත වේලාව පසුවී තිබියදීත්, වර්ෂාවෙන් අහිමි වූ කාලය පියවා ගැනීම සඳහා තරගය තවත් අඩ හෝරා අඩකට ආසන්න කාලයක් පැවැති අතර එහිදී ශ්‍රී ලංකා පිතිකරුවෝ, ලකුණු 14 ක් ලබාගනිමින්, තමන්ගේ අවාසිය අඩුකර ගත්හ.
ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වූ අද (18 වැනිදා) සවස 6.15 ට පමණ ක්‍රීඩාව නතර කරන විට පාකිස්තානු කණ්ඩායම ශ්‍රී ලංකාවට වඩා ලකුණු 135 ක් ඉදිරියෙන් සිටියේය.
ලකුණු 101 කට කඩුලු 5 ක් අහිමි කරගෙන සිටි පාකිස්තානු කණ්ඩායම වෙනුවෙන් අති විශිෂ්ට පිතිහරඹයක නිරත වූ සවුද් ශකීල් (නොදැවී 208) සහ අඝා ෂල්මාන් (83) තම කණ්ඩායම ලකුණු 300 කඩයිම ආසන්නයටම කැඳවාගෙන ගියහ. දෙදෙනා අතර 6 වැනි කඩුල්ල වෙනුවෙන් පැවැති සම්බන්ධතාව ලකුණු 177 කි.
නවුමන් අලී (25) සමගින් එක්ව හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 52 ක් එක්කළ වමත් කාරයා, නසීම් ෂා සමගින් එක්ව පැය තුනකට වැඩි කාලයක් තිස්සේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් හෙම්බත් කළේය. මේ අතරවාරයේදී ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් දෙදෙනාගේම පන්දු යැවීම හදිසියේම ක්‍රීඩා සමාජ මට්ටමට ඇද වැටී තිබිණ. ඕවර 80 ක් යැවූ ප්‍රභාත් ජයසූරිය (35) සහ රමේෂ් මෙන්ඩිස් (45.2) දෙදෙනාගෙන් වාර්තා වූයේ නිලකුණු ඕවර 5 ක් පමණි. ඒ අතරවාරයේදී ඔවුන් දෙදෙනාගෙන් පමණක් පාකිස්තානුවෝ ලකුණු 281 ක් උදුරා ගත්හ.
විනාඩි 506 ක් පුරා පිටියේ රැඳුණු සවුද් ශකීල් ලකුණු ලබාගත්තේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට තරගයේ වාසිය අත්කරගැනීමට කිසිම අවස්ථාවක් නොදෙමිනි. තම පිත්ත, ඉතාමත් වේගයෙන් පන්දුව වැටෙන ස්ථානයට ගෙනෙන ශකීල්, සිය පා ඉන්න පැත්තෙන් වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබාගත්තේය. ඔහු ‘ස්වීප්’ සහ ‘ෆ්ලික්’ පහර සම්බන්ධයෙන් විශේෂඳයෙකි.
තවමත් ටෙස්ට් තරග 6 කට පමණක් සහභාගි වී සිටින සවුද් ශකීල්, පොදු වමත් පිතිකරුවන්ට වඩා තරමක් වෙනස්, අසම්මත ආකාරයකින් පන්දුවට පහර දෙන්නෙකි. සිය ටෙස්ට් තරග හයේදී ද්විත්ව ශතකයක්, ශතකයක් සහ අර්ධ ශතක 5 ක් ලබා සිටින සවුද් ශකීල් ලකුණු 50 ඉක්මවූ ඉනිම 7 කි. මෙතෙක් ලබාගෙන සිටින ලකුණු 788 ත් සමගින්, සවුද් ශකීල්ගේ ටෙස්ට් ඉනිමක සාමාන්‍යය 98.50 ක අගයක් ගනී.
ශකීල් සමගින් විශිෂ්ට සම්බන්ධතාවක් ගොඩනැංවූ අඝා සල්මාන්, ඉඳහිට පිට දඟ පන්දු යවන නමුත් වැඩිමනත් වශයෙන් පිතිකරුවෙකි. අවසන් වරට ගාල්ලේදී පැවැති ටෙස්ට් තරගයේදීත් ලකුණු 66 ක් ලබාගත් සල්මාන්, සිය උස මැනවින් ප්‍රයෝජනයට ගනිමින් දඟ පන්දු යවන්නන් මෙල්ල කරගන්නෙකි. ශතකය පෙනෙන මානයේ සිටියදී, තම සීමාවෙන් ඉදිරියට පැමිණ ඩ්‍රයිව් පහරක් ගැසීමට උත්සුක වූ අඝා සල්මාන්, සධීර සමරවික්‍රමගේ අගනා ස්ටම්ප් කිරීමක් හමුවේ දැවීයන විට තම ඉනිම හතරේ පහර 9 කින් සහ හයේ පහරකින් අලංකාර කර තිබිණ.
අද පෙරවරු 9.45 ට තරගය ආරම්භ කිරීමට නියමිතය තිබුණද උදෑසන 5.00 පමණ සිටි දිගින් දිගටම පැවැති වර්ෂාව හේතුවෙන් පෙරවරු 10.45 දක්වාම තරගය ආරම්භ කළ නොහැකි විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.