Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශී‍්‍ර ලංකා පාපන්දු සම්මේලනයට විදේශ රටවලින් ලැබුණු රුපියල් කෝටි තුනකට ආසන්න ආධාර මුදල් එහි හිටපු සභාපති මනිලාල් ප‍්‍රනාන්දු මහතාගේ පෞද්ගලික බැංකු ගිණුමේ තැන්පත් කර ගැනීම පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇති බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට ඊයේ (17) දැනුම් දුන්නේය.
වසර අටක කාලයක් තුළදී පාපන්දු සම්මේලනයට ලැබුණු මුදල් මනිලාල් ප‍්‍රනාන්දු මහතාගේ බැංකු ගිණුම් වල වංචනික ලෙස තැන්පත් කරගෙන ඇතැයි දැනුම් දුන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීහු සුනාමි ව්‍යසනයෙන් හානියට පත් වු නිවාස අලූත්වැඩියා කිරීම සඳහා හොල්සිම් පෞද්ගලික ආයතනයෙන් ලැබුණු මුදල් වලින් කොටසක් ද ඔහුගේ ගිණුමක තැන්පත් කරගෙන ඇතැයිද කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට දැනුම් දුන්හ.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් රුද්‍රිගු මහතා පැමිණිල්ලක් කරමින් මෙම මුදල් වංචාව පිළිබඳ තොරතුරු හෙළිකොට ඇතැයිද දැනුම් දුන් පොලිස් නිලධාරීහු සිද්ධියට අදාළව කරන ලද පරීක්ෂණවල ප‍්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් පාපන්දු සම්මේලනයේ සිදු වු මුදල් වංචාවක් සම්බන්ධයෙන් විගණන දෙපාර්තමේන්තුවෙන්ද පරීක්ෂණයක් කර ඇතැයි අධිකරණට දැනුම් දුනනේය.
2006 වර්ෂයේ සිට 2014 වර්ෂය දක්වා වු කාලය සම්බන්ධයෙන් කරන ලද එම විගණන පරීක්ෂණයේදී මුදල් වංචා කිරීමට අදාළ සිද්ධින් හතරක් හෙළි කරගෙන ඇතැයිද මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාසයේ නිලධෘරීහු ඇනුම් දුන්හ.
කළුතර ක‍්‍රීඩාංගණයේ අලූත්වැඩියා කටයුතු සඳහා ඉතාලි පාපන්දු ක‍්‍රීඩකින් විසින් පරිත්‍යාග කරන ලද යූරෝ 40,000 ක්ද 2008 වර්ෂයේ පැවැති වු ආසියානු පා පන්දු සම්මේලනයේ සභාපතිගේ තරගාවලිය සඳහා සත්කාරකත්වය දැරීම වෙනුවෙන් ගෙවණු ලැබු ඇමෙරිකානු ඩොලර් 60,000 කින්ද පාපන්දු සම්මේලනයේ හිටපු විධායක නිලධාරී ක‍්‍රිෂාන්ත පෙරේරා මහතා විසින් මනිලාල් ප‍්‍රනාන්දු මහතාගේ නමින් කොමර්ෂල් බැංකුවේ කොල්ලූපිටිය ශඛාවේ පවත්වගෙන යන ගිණුමේ තැන්පත් කිරීමට කටයුතු කොට ඇතැයි පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.
2008 වසරේ පැවැත්වු දකුණු ආසියාතික පාපන්දු තරගාවලියේ සත්කාරකත්වය දැරීම වෙනුවෙන් ආසියානු පා පන්දු සම්මේලනය විසින් ගෙවනු ලැබු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ දෙකක මුදලින් ඩොලර් 40,000 ක් මනිලාල් ප‍්‍රනාන්දු මහතාගේ බැංකු ගිණුමට බැර කොට ඇතැයි ද 2006 වසරේ සුනාමි ව්‍යසනයෙන් හානියට පත් වු නිවාස අලූත් වැඩියා කිරීම සඳහා හොල්සිම් පුද්ගලික සමාගම ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට පරිත්‍යාග කළ රුපියල් මිලියන දහයක මුදලින් රුපියල් මිලියන පහක මුදලක් අයථා අන්දමින් ප‍්‍රනාන්දු මහතාට ගෙවීමට කටයුතු කොට ඇතැයිද පොලීසිය කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට දැනුම් දුන්නේය.
මෙම කි‍්‍රයාදාමය මුදල් විශුද්ධිකරණ පනත යටතේ වරදක්ද දඬුවම් ලැබිය හැකි වරදක්ද යන්න පිළිබඳ පරීක්ෂණ පවත් වන බව මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාසය අධිකරණයට වැඩිදුරටත් දැනුම් දුන්නේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.