Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වසර 2016 ජුනි මාසයෙන් පසුව පළමු වතාවට ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ මධ්‍යම කමිටු රැස්වීමක් අද (12) පස්වරු 1.30 ට ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්වේ. එහි විශේෂත්වය වසරකුත් මාස හතරත් එහි කාලයකින් පසුව පැවැත්වෙන පාපැදි සම්මේලනයේ මධ්‍ය කමිටු රැස්වීම ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමය.
ජාතික ක්‍රීඩා සංගමයක මධ්‍යම කමිටු (කවුන්සිල) රැස්වීමක ක්‍රීඩා ඇමතිවරයා මුලාසනය දැරීම දුර්ලභ සිදුවීමක් වන අතර කෙසේ වුවත් පාපැදි සම්මේලනයේ නිලවරණය අත් හිටුවීමට ගෙන තිබෙන තිරණයත් සමග දේශීය පාපැදි ක්‍රීඩා ක්ෂේත්‍රයේ උද්ගත වී තිබෙන සංකීර්ණ ගැටලු ගණනාවක් සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙම සම්මේලනය අද ක්‍රීඩා ඇමතිවරයා සමග සාකච්ඡා කරනු ඇතැයි වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් “ලංකාදීප” ය කළ විමසුමකදී පාපැදි සම්මේලනයේ ලේකම් ගෲප් කපිතාන් කිත්සිරි ලීලාරත්න මහතා පැවසුවේ අද මධ්‍යම කමිටු රැස්වීමේදී පාපැදි සම්මේලනයේ නිලවරණය සඳහා දිනයක් යොදා ගැනීම අපේක්ෂා කරන බවයි.
පසුගිය අගෝස්තු 31 වැනිදා පාපැදි සම්මේලනයේ නිලවරණය පැවැත්වීමට යොදා ගෙන තිබියදී එය අත්හිටුවීමට සිදු වුයේ වාර්ෂික ගිණුම් වාර්තා සඳහා විගණන අනුමැතිය ඒ වන විටත් ලැබී නොතිබු බැවිනි. කෙසේ වුවත් වසර 2015-16 කාල සීමාවේ පාපැදි සම්මේලනයේ ගිණුම් වාර්තාව විගණනය සඳහා ඉදිරිපත් කිරීමෙන් පසුව මේ වන විට ඒ සඳහා අනුමැතිය හිමිව ඇතැයි වාර්තා වේ.
පාපැදි සම්මේලනයේ වාර්ෂික ගිණුම් වාර්තාවකට අනුමැතිය හිමි වුයේ වසර ගණනාවකට පසුව බවද වැඩිදුරටත් වාර්තා වේ.
නිලවරණය සඳහා සහභාගී කර ගන්නා ක්‍රීඩා සමාජ හා දිස්ත්‍රික් සංගම් ලැයිස්තුව සම්බන්ධයෙන් මේ වන විට විරෝධතා ගොනු වී තිබෙන බැවින් ඒ පිළිබඳ ද අද කවුන්සිල් රැස්වීමේ දී දැඩි අවධානය යොමු කරනු ඇතැයි වාර්තා වේ.
ක්‍රීඩා සමාජ හා දිස්ත්‍රික් සංගම් 58 ක් පාපැදි සම්මේලනයේ නිලවරණයට සහභාගී වීමේ අනුමැතිය ඉල්ලා ඇතත් ඒවායෙන් බහුතරයක් ක්‍රියාකාරී නොවන බවට මේ වන විට පැමිණිලි ඉදිරිපත් වී ඇතැයි පාපැදි ක්‍රිඩා ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
පාපැදි සම්මේලනයේ දැනට ක්‍රියාත්මක දිස්ත්‍රික් සංගම් ගණන නවයක් වුවත් මෙවර නිලවරණයට මෙම සියලු සංගම් සහභාගී කර ගැනීම ගැන මෙතෙක් අවසන් තීරණයකට පැමිණ ඇත.
අනුරාධපුරය, කුරුණෑගල, කෑගල්ල කොළඹ හා මහනුවර සහ දිස්ත්‍රික් පාපැදි සංගම් වෙත නිලවරණයට සහභාගී වීමේ අවස්ථාව දැනටමත් හිමි වී තිබේ. එහෙත් පාර්ශව දෙකකට බෙදී සිටින බව පැවසෙන ගම්පහ රත්නපුර හා කළුතර යන දිස්ත්‍රික් සංගම් සම්බන්ධයෙන් දැනට ගැටලු මතු වී තිබෙන බව සඳහන් වේ. ඒ අතර ගාල්ල දිස්ත්‍රික් පාපැදි සංගමය මේ වන විට මුළුනින්ම අක්‍රීය වී ඇතැයි ද වාර්තා වේ.
කෙසේ වුවත් සම්මේලනය වත්මන් සභාපති වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතාගේ පාලනය ස්ථාපිත වීමෙන් පසුව පසුගිය අවුරුදු දෙකකදී වාර්ෂික ප්‍රධානම තරගාවලිය වන ජාතික පාපැදි ශූරතාවලිය පැවැත්වීමට පාපැදි සම්මේලනය අපොහොසත් වී සිටියි.
ඒ අතර එහි කාලය තුළ දී ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර පාපැදි තරග සහභාගීත්වය ද අඩපණ වී තිබේ. පසුගිය වසර දෙක තුළදී ශ්‍රී ලංකාව ආසියානු පාපැදි ශූරතාවලියක සහභාගී වීමට අපොහොසත් වීමෙන් සනාථ කෙරෙන බව මෙරට පාපැදි ප්‍රවීණයෝ පවසති.
කෙසේ වුවත් මෙම සියලු කාරණා සම්බන්ධයෙන් අද පැවැත්වීමට නියමිත මධ්‍යම කමිටු රැස්විමේදී ක්‍රීඩා ඇමතිවරයාගේ දැඩි අවාධනය යොමු කිරීමට මධ්‍යම කමිටු රැස්වීමට සහභාගී වන නියෝජිතයන් පිරිසක් සූදානමින් සිටින බවත් වැඩිදුරටත් දැන ගන්නට ඇත.
එසේම ඉදිරියේදී කැඳවන නිලවරණයට සහභාගී කර ගන්නා ක්‍රීඩා සමාජ හා දිස්ත්‍රික් සංගම් සම්බන්ධයෙන් අද කමිටු රැස්වීමේදී අවසන් තීරණයක් ගැනීමට නියමිතය.
එළඹෙන නිලවරණය සඳහාත් වත්මන් සභාපති අමල් හර්ෂ ද සිල්වා මහතා ඉදිරිපත් වන බව ප්‍රකාශ වී තිබෙන අතර පාපැදි සම්මේලනයේ හිටපු භාණ්ඩාගාරිකවරයෙකුගෙන් මෙවර සභාපති ධුරයට නාම යෝජනා බාර දිමට සූදානමින් සිටින බවත් දැන ගන්නට ඇත.
අවසන් වරට 2016 මැයි මාසයේදී රැස් වු පාපැදි සම්මේලනයේ මධ්‍යම කමිටුව අන්තර් ජාතික පාපැදි විනිසුරු එන්. කරුණාරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් එවකට ක්‍රියාත්මක වු සම්මේලනයේ තාක්ෂණික කමිටුව විසුරුවා හැරීමට පියවර ගත්තේය.
පාපැදි සම්මේලනයේ අවසන් වරට පැවැති නිලවර්නයේදී බලයට පත් වු වත්මන් සභාපති අමල් හර්ෂ ද සිල්වා මහතා මෙම ධුරයට පත් වුයේ තීරණ ඡන්දයෙනි. ඊට හේතු වුයේ සභාපති ධුරය සඳහා පැවති ඡන්ද විමසුම යටවීමය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.