Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාපැදි ශූරිය දිනුෂා දිල්රුක්ෂි

පාපැදි ශූරිය දිනුෂා දිල්රුක්ෂි

editorial - 2021 මාර් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

-----------------------------------
නාමල් පතිරගේ කතරගම සිට
-----------------------------------

මහ වැස්සේ තරගය නිමාකළ දිනුෂා දිල්රුක්ෂි කතරගමදී පෙරේදා (29) පැවැති 46 වැනි  ජාතික මහා ක්‍රීඩා උළෙලේ පාපැදි (කාන්තා) තරගයේ රන් පදක්කම දිනා ගත්තාය.

රිදී පදක්කම දිනාගත්  සුදාරිකා ප්‍රියදර්ශනී හා කරට කළ තියුණු තරගයක නිමා වූවේ පැය 2 විනාඩි 26 තත්ත්පර 20 ක සමාන කාලයක් වාර්තා කරමිනි. මෙම ක්‍රීඩිකාවන් දෙදෙනා එකම තරග නිමි කාලයක් (පැය 2 විනාඩි 26 තත්තර 20) වාර්තා කළද දිනේෂා දිල්රුක්ෂි තත්ත්පරයෙන් දශම ස්ථාන කිහිපයකින් ඉදිරියෙන් වූවාය.

කිලෝ මීටර් 79.4 ක දුරකින් යුත් වට දෙකක තරගයක් ලෙස මෙම තරගය පැවැත්විණ. ගමන් මාර්ගය වූයේ කතරගම, සෙල්ලකතරගම, ලුණුගම්වෙහෙර හරහා නැවත කතරගම නගරයට ළඟා වීමයි.  තරගය පෙරේදා පස්වරුවේ නිමාවට පත් විය.  

සඳුදා පස්වරුවේ කතරගම නගරයට ඇදහැලුණු මහ වැස්ස මධ්‍යයේ තරගකාරියෝ තරගය නිමා කළහ.  කාන්තා පාපැදි තරගය වඩාත් මන්දගාමී ස්වභාවයක් ගත්තේ මෙම වර්ෂාව හේතුවෙනි.
ක්‍රීඩිකාවන්ගේ සාමාන්‍ය වේගය පැයට කිලෝ මීටර් 32ක තරම් වන පහළ අගයක් ගත්තේය.

දිනූෂා දිල්රුක්ෂි තරගයේ ජය වාර්තා කිරීමත් සමග පළපුරුදු පාපැදි ශූරියක් ලෙස ඇය තවත් වරක් මෙම තරගය ජය ගැනීමට සමත් වුවාය. වසර 2016 ජාතික මහා ක්‍රීඩා උළෙලේත් පාපැදි කාන්තා තරගය ද ජය ගෙන ඇති 28 හැවිරිදි දිනූෂා ජාත්‍යන්තර තරග අත්දැකීම් ද ඇති සාග් රිදී පදක්කම් ලාභිනියකි.

රන් පදක්කම්ලාභිනී දිනූෂා දිල්රුක්ෂි නෝබෝදා පැවැති (2021) ගුවන් හමුදා පාපැදි සවාරියේ තෙවැනි ස්ථානය අත් කර ගත් ක්‍රීඩිකාවයි. ගිය වර රන් පදක්කම්ලාභිනිය වන උතුරු මැද පළාතේ මධුෂානි රණසිංහ මෙවර තරගයට ඉදිරිපත් නොවූවාය.

පසුගිය වසර දෙකේදීම (2020-21) දිවයිනේ ප්‍රමුඛතම පාපැදි සවාරියක් වන ගුවන් හමුදා පාපැදි සවාරිය ජයගත් උදේෂිණී නිරංජනීගේ පසුබෑම සඳුදා තරගයේදී මැනවින් කැපී පෙනුණි. උදේෂිණී නව වැනි ස්ථානය දක්වා පසුබැස ගොස් තිබුණි.

තරගයට සහභාගී වූ ක්‍රීඩිකාවන් 27 දෙනෙකු අතරින් තරගය නිමා කළ ගණන 20 කි. මෙවර පාපැදි තරගයේ රන්, රිදී හා ලෝකඩ පදක්කම් දිනා ගත් ක්‍රීඩිකාවන් තිදෙනාම ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ පුහුණුවීම් හදාරන්නියෝ වෙති.

ශ්‍රී ලංකා පාපැදි විනිසුරුවරුන්ගේ සංගමයේ අධීක්ෂණයෙන් තරගය පැවැත්වුණු අතර ප්‍රධාන තරග තීරක උපුල් චන්දන ප්‍රියනාත් මහතා ලංකාදීපයට පැවසුවේ තරගකාරියන්ගේ වේගය මන්දගාමී ස්වරූපයක් ගැනීම තුළ මෙම තරගයේදී අපේක්ෂිත දස්කම් අතරට ළඟා වීමට ක්‍රීඩිකාවන් බහුතරයක් අසමත්ව තිබෙන බවයි. එසේ වුවත් තරගයේ සිව්වැනි ස්ථානයේ සිට 12 වැනි ස්ථානය දක්වා ක්‍රීඩිකාවෝ එකම කාලයක් වාර්තා කළහ. ඔවුන් සියලු දෙනාම පැය 2 යි, තත්ත්පර 27.22 කින් තරගය නිමා කළහ.

වසර 2020 ට නියමිතව තිබූ ජාතික ක්‍රීඩා උළෙලට ඇතුළත් මෙම පාපැදි- මැරතන් සහ ඇවිදීමේ තරගමාලාව පසුගිය වසරේදී උත්සන්න වූ කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් කල් දැමීමට සිදු විය.  

නෙස්ලේ ලංකා සමාගම මෙවරත් තරගමාලාව සඳහා අනුග්‍රහය දැක්වීය.


පාපැදි (කාන්තා) තරගයේ ප්‍රතිඵල

1. දිනුෂා දිල්රුක්ෂි (වයඹ – පැය 2 විනාඩි 26 ත්ත්පර 20)
2. සුදාරිකා ප්‍රියදර්ශනී (වයඹ 2:26.20)
3. ඈන් ෂෙනාලිකා (බස්නාහිර 2:27.03)
4. ආක්ෂා සඳමිනි (බස්නාහිර – 2:27.22)
5. එල්.එච්.ඒ.එන්. මධුරංගී (බස්නාහිර – 2:27.22)
6. මධුමාලි ප්‍රනාන්දු (වයඹ – 2:27.22)
7. එම්.එස්.පී. සුලෝචනා (බස්නාහිර – 2:27.22)
8. නිලුකා ශ්‍යාමලී (බස්නාහිර – 2:27.22)
9. උදේෂිණී නිරංජනී (උතුරු - 2:27.22)
10. ඩබ්.ආර්.එම්. රූපවතී (නැගෙනහිර 2:27.22)  

රන් පදක්කම දිනා ගත් දිනූෂා දිල්රුක්ෂි (මැද) රිදී පද්කකම ලද සුදාරිකා ප්‍රියදර්ශනී හා ලෝකඩ පදක්කම හිමි කර ගත් ඈන් ෂෙනාලි.

 


අදහස් (0)

පාපැදි ශූරිය දිනුෂා දිල්රුක්ෂි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.