Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාබල රෙජිමේන්තුව - රිහැබ් ලංකා ශූරතා දිනති

පාබල රෙජිමේන්තුව - රිහැබ් ලංකා ශූරතා දිනති

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී සෙනසුරදා නිමාවට පත් වූ විශේෂ අවශ්‍යතා සහිත ක්‍රීඩකයන්ගේ (පැරා) මළල ක්‍රීඩා ශූරතාවලියේදී යුද හමුදා පාබල රෙජිමේන්තු ක්‍රීඩා සමාජය විසින් විවෘත පිරිමි ශූරතාව දිනාගන්නා ලදි. රිහැබ් ලංකා ක්‍රීඩා සමාජය විවෘත කාන්තා ශූරතාව දිනා ගත්තේය.

විවෘත පිරිමි ශූරතාව දිනාගත් යුද හමුදා පාබල හමුදා ක්‍රීඩා සමාජය රන් පදක්කම් 16ක්, රීදී පදක්කම් 15 ක් සහ ලෝකඩ පදක්කම් 14 ක් සමගින් පදක්කම් 45 ක් දිනා ගත්තේය. ඔවුන් හා කරට කර තරගයක් ලබා දෙමින් රන් පදක්කම් 11ක්, රිදී පදක්කම් 7ක් සහ ලෝකඩ පදක්කම් 5 ක් සමගින් පදක්කම් 23 දිනාගත් යුද හමුදා විජයබාහු ක්‍රීඩා  සමාජය විවෘත පිරිමි අනුශූරතාවයට හිමිකම් කීවේය.

රන් පදක්කම් 12ක්, රිදී පදක්කම් 4 ක් සහ ලෝකඩ පදක්කම් 2 ක් සමගින් පදක්කම් 18 ක් දිනාගත් රිහැබ් ලංකා ක්‍රීඩා සමාජය විවෘත කාන්ත ශූරතාවය දිනාගනිද්දී, වෙල්ලස්ස ක්‍රීඩා සමාජය රන් පදක්කම් 3 ක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 2 ක් සමගින් පදක්කම් 6ක් දිනා ගනිමින් විවෘත කාන්තා අනුශූරතාව හිමිකර ගත්තේය.

කණිෂ්ට අංශයේ පිරිමි ශූරතාව වෙල්ලස්ස ක්‍රීඩා සමාජය සතුකර ගනිද්දී, එහි අනුශූරතාවයෙන් සෑහීමට පත්වීමට බස්නාහිර පළාත් විශේෂ අධ්‍යාපන කලාප ක්‍රීඩා සමාජයට සිදුවිය. එම අංශයේම කාන්තා ශූරතාවය වෙල්ලස්ස ක්‍රීඩා සමාජය විසින් හිමිකර ගන්නා ලද අතර අනුශූරතාවය බස්නාහිර පළාත් විශේෂ අධ්‍යාපන කලාපීය ක්‍රීඩා සමාජයට හිමිවිය.

මෙවර තරගාවලියේදී ලෝක වාර්තාවක් අභිබවා යෑමට යුද හමුදා විජයබාහූ ක්‍රීඩා සමාජය නියෝජනය කළ චමින්ද සම්පත් හෙට්ටිආරච්චිට හැකියාව ලබිණ.

පිටිය 44 කාණ්ඩයේ (පිරිමි) හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ලෝක වාර්තාවට හිමිකම් කියන චීනයේ ගෝ මින්ජි මීටර 59.82 ක දක්ෂතාවයක් පෙන්නුම් කරමින් එම වාර්තාවට හිමිකම් කියයි. එහෙත් මෙවර තරගාවලියේදී මීටර 62.11 ක දක්ෂතාවයක් පෙන්නුම් කළ සම්පත් හෙට්ටිආරච්චිගේ වාර්තාව ලෝක වාර්තාවක් ලෙස සටහන් නොවීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ ශ්‍රී ලංකා ජාතික පැරා මළල ක්‍රීඩා තරගාවලිය ජාත්‍යන්තර පැරා ලිම්පික් කමිටුවේ අනුමැතිය රහිතව ක්‍රියාත්මක වන තරගාලියක් වන බැවිනි. ඒ හේතුවෙන් මෙය ලෝක වාර්තාව අභිබවා යෑමක් ලෙසින් පමණක් සටහන් වේ.

ආබාධ සහිත වූවන් හට ක්‍රීඩා විෂයෙහි සමාන හා උපරිම අවස්ථා සලසා දීමටත්, මානසික හා ආධ්‍යාත්මිකව සවිබල ගැන්වීමට සහ සෞඛ්‍ය සම්පන්න පුද්ගලයන් ලෙස සමාජයට අන්තර්ග්‍රහණය කිරීමත් අරමුණ කරගනිමින් මෙම තරගාවලිය පැවැත්වීමට කටයුතු යොදා තිබුණි.

 


විවෘත අංශයේ දක්ෂතම ක්‍රීඩකයා - සම්පත් හෙට්ටිආරච්ච් ( යුද හමුදා විජයබාහු ක්‍රීඩා සමාජය) - හෙල්ල විසි කිරීම (නව වාර්තාවක් සමගින්)
විවෘත අංශයේ දක්ෂතම ක්‍රීඩිකාව - නිරෝෂා දිල්හානි (වෙල්ලස්ස ක්‍රීඩා සමාජය) - යගුලිය,හෙල්ල,කවපෙත්ත (නව තරග වාර්තා සමගින් )
කණිෂ්ට අංශයේ දක්ෂතම ක්‍රීඩකයා - ඉසුරු ලක්මාල් (වෙල්ලස්ස ක්‍රීඩා සමාජය) - යගුලිය සහ මීටර 100
කණිෂ්ට අංශයේ දක්ෂතම ක්‍රීඩිකාව - නිරෝෂා හේමමාලි (වෙල්ලස්ස ක්‍රීඩා සමාජය) - ධාවන 20 කාණ්ඩයේ  මීටර 100 සහ 400(නව වාර්තා සමගින්)

 

 

ඡායාරූප - ඉෂාන් සංජීව


අදහස් (0)

පාබල රෙජිමේන්තුව - රිහැබ් ලංකා ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.