Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආජන්ටිනාවේදී දැන් පැවැත්වෙන තෙවැනි යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර 2000 බාධක දිවීමේ කාන්තා ඉසව්වේ මූලික වටයේ තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා පාරමි වසන්ති මාරිස්ටෙලා තෙවැනි ස්ථානය හිමිකරගැනීමට සමත් වූවාය. මෙම ඉසව්ව නිම කිරීම සඳහා පාරමි විනාඩි 6:33.06 කාලයක් වාර්තා කළ අතර එම කාලය ඇයගේ තරග දිවියේ හොඳම කාලය ලෙසද සටහන් වේ.
මෙම ඉසව්ව තරග දෙකකින් සමන්විත වන අතර එම තරග දෙකේ කාලයේ එකතුවෙන් සමස්ත ඉසව්වේ ස්ථානය තීරණය වේ. එහි අවසන් තරගය වන කිලෝමීටර 4 ක රට හරහා දිවීමේ තරගය අද (15) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30 ට ආරම්භ වීමට නියමිතය.
ප්‍රංශ ක්‍රීඩිකා ලීනා ලිබ්‍රන් විනාඩි 6:36.44 ක කාලයක් වාර්තා කරමින් මීටර 2000 බාධක දිවීමේ කාන්තා ඉසව්වේ මූලික වටයේ තරගයේ සිවුවැනි ස්ථානයට පත්වූ අතර පාරමි අද තරගයේදී එම ක්‍රීඩිකාවට පෙර තරගය නිම කළහොත් පදක්කම් බලාපොරොත්තුවක් තැබිය හැකිය.
මූලික වටයේ පළමු ස්ථානය කෙන්යා ක්‍රීඩිකා ෆැන්සි චිරොනෝ (විනාඩි 6:26.08) සහ දෙවැනි ස්ථානය ඉතියෝපියා ක්‍රීඩිකා මෙක්ඩිස් අබිබි (විනාඩි 6:27.93) දිනාගැනීමට සමත් වූහ.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.