Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
යොවුන් ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගැනීම සඳහා තායිලන්තයේදී පැවැත්වෙන (වයස 18න් පහළ තරගාවලියේදී මීටර 2000 බාධක දිවීම (කාන්තා) ඉසව්වේ රන් පදක්කම ඊයේ (4) දිනාගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකා පාරමී වසන්ති මාරිස්ටෙලා එම ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව අංක එකේ ක්‍රීඩිකාව බවට පත්වීමට සමත් වූවාය. ඇයගේ තරග කාලය ලෙසින් සටහන් වන්නේ විනාඩි 6 තත්ත්පර 35.20 කි.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් හෝ ක්‍රීඩකයෙක් ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව පළමු ස්ථානයට පැමිණි පළමු අවස්ථාව මෙය බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නිල දත්ත සටහන්කරු සමන් කුමාර ගුණවර්ධන මහතා පවසයි. ඇය ඊයේ එහි රන් පදක්කම දිනා ගත් අතර ඒ වනවිට ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව අංක එකේ පසුවූයේ ප්‍රංශ ක්‍රීඩිකාවකි. ඒ විනාඩි 6 තත්ත්පර 35.80 කටය. මේ වනවිට එම ඉසව්වේ තෙවැනි ස්ථානය ලබා සිටින්නේ ඇමරිකානු ක්‍රීඩිකාවකි.
කුලියාපිටිය මැදි විදුහලේ සිසුවියක් වන පාරමී මාරිස්ටෙලා නොබෝදා ජපානයේ දී පැවැති ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 3000 බාධක දිවීමේ කාන්තා ඉසව්වෙන්ද රන් පදක්කමක් දිනාගත් ක්‍රීඩිකාවයි. මෙම දස්කම හමුවේ ඇය ලබන ඔක්තෝබර් 6 සිට 18 වැනිදා දක්වා ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් හිදී පැවැත්වෙන තෙවැනි යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලටද සුදුසුකම් සපුරා ගත්තාය.
ඒ අතර තායිලන්ත තරගාවලියට සහභාගිවී සිටින කුලියාපිටිය මැදි විදුහලේම සිසුවියක් වන අස්තිකා හේරත් එහි ලෝකඩ පදක්කම (විනාඩි 7 තත්ත්පර 08.05) දිනා ගැනීමට සමත්වීම වූවාය.
මෙම සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියට සහභාගිවී සිටින කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විදුහලේ ඩී. එම්. බෝගොඩ මීටර් 400 (පිරිමි) ඉසව්ව තත්ත්පර 48.56 කට අවසන් කරමින් එහි රන් පදක්කම දිනා ආර්ජන්ටිනාවේදී පැවැත්වෙන යොවුන් ඔලිම්පික් උළෙලට සුදුසුකම් සපුරා ගත්තේය.
සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය බැංකොක් නුවරදී අදත් (5) පැවැත්වෙන අතර ඒ සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හත් දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගිවී සිටියි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.